ඥානසාර හිමිට එරෙහිව පැමිණිලි ලක්ෂ 12ක්

Published in පුවත්
Saturday, 26 July 2014 16:48

බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන ‍ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සහ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ෆේස්බුක් ගිණුම් අවලංගු කරන ලෙස ඉල්ලමින් ඇමෙරිකාවේ ෆේස්බුක් සමාගමට පැය 24ක් තුළ ලක්ෂ 12කට ආසන්න පැමිණිලි සංඛ්‍යාවක් ලැබි ඇතැයි වාර්තා වේ.

එසේම බොදු බල සේනා සංවිධානය නමින් පවත්වාගෙන යනු ලබන ෆේස්බුක් ගිණුම් අත්හිටුවන්නැයි ලක්ෂ 50කට ආසන්න පැමිණිලි සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇති බවද සඳහන්ය.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන ‍ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවසුවේ වෛරී සහගත ප්‍රකාශ ඉදිරිපත් කිරීම හේතුවෙන් තම ගිණුම් අවලංගු කරන බව තමාට ෆේස්බුක් බලධාරීන් විසින් දැනුම් දී ඇති බවයි. තම ෆේස්බුක් ගිණුම්වලට යම් චෝදනා එල්ල කරමින් සිට අවසානයේ එය මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු කර ඇති බව උන්වහන්සේ පැවසූහ.

එක්තරා අන්තවාදී කල්ලි කිහිපයක් විසින් බංග්ලාදේශයේ සහ තවත් රටවල් කිහිපයක සහයෝගය ඇතිව සංවිධානාත්මකව මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇති බවත් මේ සම්බන්ධයෙන් තමන් ෆේස්බුක් නිලධාරීන් දැනුවත් කර ඇති බවත් ඥානසාර හිමියෝ පෙන්වා දුන්හ.

එසේම මේ වන විට ජාතික ප්‍රශ්න උදෙසා හඬ නගන ඒවා වාර්තා කරන ඇතැම් පුවත්පත් කර්තෘවරුන්ට මාධ්‍යවේදීන්ට මෙන්ම මාධ්‍ය ආයතනවලටද මෙම අන්තවාදී කණ්ඩායම් තර්ජනය කරන බව උන්වහන්සේ සඳහන් කළහ.

මෙසේ හිංසාකාරීව කටයුතු කරන තාක්ෂණික ක්‍රියාකරුවන් සම්බන්ධයෙන් ඉදිරියේදී සොයා බලන්නට කටයුතු කරන බවත් නව ෆේස්බුක් ගිණුමක් මේ වනවිටත් ආරම්භ කර ඇති බවත් ඥානසාර හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

(රිවිර)

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us