පාර්ලිමේන්තුව විසුරුවන්න -එජාපය ඉල්ලයි

Published in පුවත්
Tuesday, 05 May 2015 10:09

දින සියයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන බවට ජනතාවට පොරොන්දුවක් ලබාදී තිබෙන බැවින් විසිවැනි සංශෝධනයේ ගැටලු විසඳාගෙන පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට තවත් කල්ගත වන නිසා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙසට එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටි බව එ.ජා.ප මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.ඊයේ (04) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය‍.

පොරොන්දු වූ ආකාරයට දින සියය වැඩපිළිවෙළ යටතේ ජනතාවට සහන රැසක් ලබාදී තිබෙන බවත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සම්මත කරදුන් බවත් ඔහු පවසා සිටියේය.

මැතිවරණ ක්‍රමයේ වෙනසක් සිදුකිරීම සඳහා ගෙන ඒමට සැලසුම් කර තිබෙන 20 වැනි සංශෝධනය පිළිබඳව සුළු ප්‍රශ්න අතර විවේචනයක් ඇතිවී තිබෙන බවත්, මේ නිසා 20 වැනි ව්‍යස්ථා සංශෝධනය රට තුළ ක්‍රියාත්මක කරගැනීමට යම් කාලයක් ගතවන බවත් ඔහු පවසා සිටියේය.

එතරම් කාලයක් පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට නොහැකි බවත්, එයට හේතුවී තිබෙන්නේ වර්තමානයේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ජනවාරි 08 වැනිදා ජනතාව ලබාදුන් ජනවරමට පිටින් බවද ඒ මහතා පවසා සිටියේය.
මේ නිසා නව පාර්ලිමේන්තුවක් ඇතිකර ගැනීමේ දැඩි අවශ්‍යතාවක් ඇතිවී තිබෙන නිසා පාර්ලිමේන්තු මැතිවරණයක් හැකි ඉක්මනින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු සියලුම පක්ෂ නියෝජනය කරන ජාතික විධායක සභාවෙන්ද ඉල්ලා සිටින බවද මහලේකම්වරයා පවසා සිටියේය.

ආණ්ඩු පක්ෂය සුළුතර බවට විපක්ෂය චෝදනා කළත් මෙවර පැවැති මැයි දින රැලිවලදී එක්සත් ජාතික පක්ෂයට පැමිණ පිරිසෙන් 50% ක ප්‍රමාණයක්වත් කොළඹ දිස්ත්‍රික්කය තුළ පැවැති මැයි දින රැලි සියල්ලටම සහභාගී නොවූ බව ඔහු සඳහන් කළේය. මේ නිසා ඉදිරි මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය රටට පෙන්වන බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

අද

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us