පොලීසියේ ලොකු පු‍ටුවලට සුදුස්සන් නෑ, විශ්‍රාමිකයන් යළි කැඳවයි

Published in පුවත්
Wednesday, 06 May 2015 08:00

නියෝජ්‍ය පොලිස්පති ධූර පුරප්පාඩු පිරවීමට සුදුසුකම් සම්පූර්ණකර ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරීවරුන් නොමැතිකම හේතුවෙන් විශ‍්‍රාමික නියෝජ්‍ය පොල්ස්පතිවරු කිහිප දෙනෙක් නැවත පොලිස් සේවයට කැදවීමට පොලිස් මූලස්ථානයේ අවධානය යොමුවී ඇත.

ඊට අමතරව විශ‍්‍රාම ගන්නා නියෝජ්‍ය පොලිස්පතිවරුන් කොන්ත‍්‍රාත් පදනම මත නැවත සේවයේ තබා ගැනීමටද පොලිස් මූලස්ථානය මේ වන විට පියවර ගෙන තිබේ.

තවත් වසර දෙකක් යන තුරු විශ‍්‍රාම ගන්නා නියෝජ්‍ය පොලිස්පතිධූර පිරවීමට සුදුසුම් සම්පූර්ණ කළ නිලධාරීන් සොයා ගැනීම නැති බවත් ලබන වසරේත් සුදුසුකම් ලබන්නේ නිළධාරීන් සිව් දෙනෙක් පමණක් බවත් පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.

නියෝජ්‍ය පොලිස්පතිධූරයට උසස්වීම් ලැබීමට වසර 05 ක නොකැලැල් සේවා කාලයක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරීවරයෙක් සම්පූර්ණ කළ යුතුය. එම කාලය වසරකින් අඩු කිරීමට දේශපාලන බල අධීකාරියෙන් පසුගිය කාලයේ යෝජනා වී ඇතත් එහිදී නියෝජ්‍ය පොලිස්පතිධූරයන් ලැබීමට සුදුසුකම් ලබන්නේ සිව් දෙනෙක් පමණක් බව පොලිස් මූලස්ථානය පෙන්වා දී ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේ.

ඒ අනුව එම කාලය වසර දෙකකින් අඩු කිරීමට යෝජනා වී ඇතත් ඒ තුළින් නියෝජ්‍ය පොලිස්පතිධූරය හෑල්ලූවෙන බව පොලිස් බලධාරීන් පෙන්වා දීම හේතුවෙන් සේවා දිගු ලබාදෙමින් විශ‍්‍රාම ගන්නා නියෝජ්‍ය පොලිස්පතිවරුන් තබා ගැනීමටත් විශ‍්‍රාමගත් නියෝජ්‍ය පොලිස්පතිවරු නැවත කැදවීමටත් අවධානය යොමුව තිබෙන බව සදහන්ය.

මේ වන විට නියෝජ්‍ය පොලිස්පතිධූර 19 ක පුරප්පාඩුවී ඇති බව සදහන්ය. නියෝජ්‍ය පොලිස්පතිධුර 47 ක් අනුමත වූවත් මේවන විට සිටින්නේ 28 දෙනෙක් පමණි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූර 12 ක් අනුමතය. එහෙත් මේවන විටත් එක් පුරප්පාඩුවක් තවමත් පවතී. අධිකාරී ශ්‍රේණියේ නිළධාරීන් 713 ක් අනුමතවූ වත් සිටින්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරීවරු 91 දෙනෙක්, පොලිස් අධීකාරීවරු 26 දෙනෙක්, සහකාර පොලිස් අධීකාරීවරු 327 දෙනෙක් සහ කාන්තා සහකාර පොලිස් අධීකාරීවරියන් 10 දෙනෙක් පමණි. මේ වන විට අධීකාරී ශ්‍රේණියේ පමණක් පුරප්පාඩු 259 ක් පවතී.

මෙතරම් නියෝජ්‍ය පොලිස්පතිධූර සංඛ්‍යාවක් ඇති වන්නේ මෙයට වසර 10 කට පෙර පැවති පළාතකට එක් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වශයෙන් වෙන්ව තිබුණූ නියෝජ්‍ය පොලිස්පතිධූරයන් වෙනුවට දිස්ත‍්‍රික්කයකට එක් නියෝජ්‍ය පොලිස්පතිධූරයක් දක්වා වර්ධනය කිරීම සහ පළාත් දෙකකට හෝ තුනකට සිටි එක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වෙනුවට පළාතකට එක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වශයෙන් වර්ධනය කිරීමත් හේතුවෙනි.

වත්මන් පොලිස්පතිවරයා එය වෙනස් කිරීමට මේ වන විට දැඩි වෙහෙසක් ගන්නා බවත් ඒ අනුව ඉදිරියේදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූර සංඛ්‍යාවත් නියෝජ්‍ය පොලිස්පතිධූර සංඛ්‍යාවත් අඩුවනු ඇති බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.

 

lankapuwath

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us