ජාතික ආරක්ෂාව උදෙසා සෑම පියවරක්ම ගන්නවා-ජනපති

Published in පුවත්
Wednesday, 06 May 2015 10:25

රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ වැදගත් පියවර රැසක් පසුගිය මාස තුන තුළ රජය ගෙන ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා නව රජය ලෙස ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපතිවරයා පැවසුවේය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (05දා) එක්වෙමිනි.

ජාතික ආරක්ෂාව පිළිබඳ තමන්ගේ වගකීම සහ වගවීම පිළිබඳ සියලු දෙනා අවබෝධයෙන් කටයුතු කළ යුතු බවද හෙතෙම ප්‍රකාශ කළේය.

නව තාක්ෂණය සහ නව පර්යේෂණ තුළින් කෙරෙන සොයාගැනීම් සමග අපගේ රණවිරුවන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා අවශ්‍ය පුහුණු අවස්ථා වැඩිදියුණු කිරීමට පසුගිය දිනවල තමා සිදුකළ විදේශ සංචාරවලදී සහ මෙරටට පැමිණි රාජ්‍ය නායකයන්ද කැමැත්ත පළකර තිබෙන බව ජනාධිපතිවරයා පැවසුවේය.

රටේ ජනතාව පීඩාවට පත්කළ රුදුරු ත්‍රස්තවාදය නිමකිරීමේ ඓතිහාසික කාර්යභාරය නිමකළ අපගේ විරෝධාර රණවිරුවන් අද මානව සමාජය වෙනුවෙන් ඉටුකරන පුළුල් මෙහෙවරද මෙහිදී ජනාධිපතිවයා ඇගයීමට ලක්කළේය.

එමෙන්ම නේපාලයේ විපතට පත් ජනතාව වෙනුවෙන් ඉතා කැපවීමෙන් යුතුව සහන සේවා කටයුතුවල නිරතව ලෝකයටම මානුෂිකත්වයේ ආදර්ශය ලබාදෙන අපගේ ආරක්ෂක හමුදාවන්ගේ කාර්යභාරයද පැසසුමට ලක් කළේය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us