නගරාධිපති, ඇමති පුතාට මෝඩ දොස්තර කියා බැනලා

Published in පුවත්
Sunday, 27 July 2014 09:49

අම්පාර නගරාධිපතිවරයා විසින් තම පුතාට මෝඩ දොස්තර කියා බැන්නේ යයි නියෝජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි. පසුගියදා පැවති බැති ගී ප‍්‍රසංගයක් අතරතුර සිදු වූ මෙම වචන හුවමාරුව ඒ මහතා මෙසේ විස්තර කරයි.

''වේදිකාව හදන්න ගන්න කියලා පාර ගමු කියලා යෝජනා කළෙත් නගරාධිපතිමයි. මට හිනාත් ඒකයි. හයෙන් පස්සේ වාහන නෑ කියලත් එයාම කිව්වා.

මගේ පුතා රස්තියාදුකාරයෙක් නෙවෙයි. ඔහු අම්පාර රෝහලේ වෛද්‍යවරයෙක්. පුතාට මිනිස්සු ආදරෙයි. එහේ හරි ජනප‍්‍රියයි.

නගරාධිපති බයයි පුතා ඡන්දෙ ඉල්ලයි කියලා. ඕක හිතේ තියන් තමා එදා මගේ පුතාට මෝඩ දොස්තර කියලා බැනලා තියෙන්නේ.

මමවත් පුතාවත් නිකන් මිනිස්සු එක්ක ප‍්‍රශ්න ඇති කරගන්න අය නෙවෙයි. නගරාධිපතිට ප‍්‍රශ්න ගොඩක් තිබුණා. ඒවගෙන් මුදාගෙන ඔය මනුස්සයාට නාම යෝජනා දුන්නේ මේ මමමයි''

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us