අධිවේගී තැපෑලේ පාඩුව ලක්ෂ 60ක්‌

Published in පුවත්
Saturday, 26 July 2014 19:18

තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන හතළිහකට අධික මුදලක්‌ වැය කරමින් වෑන් රථ අටක්‌ මිලදී ගෙන ආරම්භ කළ දේශීය අධිවේගී තැපෑල වසරක්‌ තුළදී රුපියල් මිලියන හයක පාඩුවක්‌ ලබා ඇතැයි තැපැල් වෘත්තීය සමිති නායකයන් පවසති.

තැපැල් දෙපාර්තමේන්තුව මගින් දේශීය අධිවේගී තැපෑල ක්‍රමවත්ව පවත්වාගෙන නොයැමත් දූෂණ හා අක්‍රමිකතාවලට මුල්තැන දී ක්‍රියා කිරීමත් නිසා මෙවැනි පාඩුවක්‌ සිදුව තිබෙන බව ලංකා තැපැල් සේවා සංගමයේ ලේකම් ජයන්ත විඡේසේකර මහතා පැවසීය.

මේ වනවිට කුරුණෑගල සිට බදුල්ල දක්‌වාත් රත්නපුර සිට හම්බන්තොට දක්‌වාත් වූ අධිවේගී තැපැල් සේවාව මුළුමනින්ම නවතා දමා ඇති බව හෙතෙම අනාවරණය කළේය.

''ලාභ ලැබිය හැකි තරගකාරී ව්‍යාපාරයක්‌ වන අධිවේගී තැපෑල මෙලෙස කඩාවැටෙන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේ සිටින දූෂිත නිලධාරීන් නිසයි. තැපෑල දියුණු කරන්න මේ අයට උවමනාවක්‌ නැහැ. අධිවේගී තැපෑල විනාශ කරන්නේ පෞද්ගලික කුරියර් ආයතන පොහොසත් කිරීමටද යන සැකය අද අපිට ඇතිවී තිබෙනවා '' යෑයිද ජයන්ත විඡේසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us