අගමැතිකම බෑ. හොරු අල්ලන පනත අකුල ගන්නම්. ඔන්න එකඟතාවය ! Featured

Published in පුවත්
Wednesday, 06 May 2015 19:58

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙසින් නම් කරන මෙන් ඉදිරිපත් වූ ඉල්ලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යහපත් ප්‍රතිචාරයක් පළ නොකළ බව බිබිසී වාර්තා කරයි.

හිටපු ජනාධිපතිවරයා සහ වර්තමාන ජනාධිපතිවරයා අතර පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාගේ කාර්යාලයේදී පැවති හමුවේදී හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ඉදිරිපත් වී තිබෙන ප්‍රධානතම ඉල්ලීම එයයි.නාධිපති මෛත්‍රීපාල සිරිසේන නිසි පිළිතුරක් ලබානොදුන් බවයි, හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවය නියෝජනය කරමින් සාකච්ඡාවට සහභාගි වූ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම සඳහන් කළේ.

තවත් සාකච්ඡා වටයක්

"කවුරුත් කැමැත්තෙන් බලාගෙන ඉන්න අගමැති අපේක්ෂක කම ගැන. අද සාකච්ඡාවේදී ඒ ගැන අපිට තෘප්තිමත් වෙන්න පුළුවන් විසඳුමක් ලැබුනේ නැහැ," ඔහු පැවසීය.


අගමැති අපේක්ෂක ලෙස මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නම් කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්වූයේ දැයි, සාකච්ඡාවට සහභාගි වූ දුමින්ද දිසානායක අමාත්‍යවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ, ඒ පිළිබඳව ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් තීරණයක් ගනු ඇති බවයි.

දුමින්ද දිසානායක අමාත්‍යවරයා සාකච්ඡාවට එක්වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ පාර්ශ්වය නියෝජනය කරමින්.

මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන් ඉදිරිපත්වූ තවත් ඉල්ලීමක් වූ පළාත් පාලන ආයතනවල කාලය දික් කිරීම පිළිබඳවද ජනාධිපතිවරයාගෙන් නිසි පිළිතුරක් නොලැබුණු බවත් හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම සඳහන් කළේය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශයට දේශපලන මැදිහත්වීමක් සිදු කිරීමට බලය පැවරෙන අන්දමින් නිකුත්කර ඇතැයි චෝදනා එල්ලවී ඇති ගැසට් නිවේදනය ඉවත්කර ගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එකඟ වූ බවත් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පැවසීය.

ඉදිරියේදී තවත් සාකච්ඡා වටයකට සහභාගි වීමට නායකයන් දෙපොල එකඟ වූ බවද ඔහු සඳහන් කළේය.

Last modified on Wednesday, 06 May 2015 19:59

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us