අධිකරණ නියෝග නොතැකූ භික්ෂූන් හා මන්ත්‍රීවරු අද මහෙස්ත්‍රාත් හමුවට

Published in පුවත්
Friday, 08 May 2015 07:39

උසාවියේ තහනම් නියෝගය නොතකා අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවක නියැළීමේ චෝදනාව මත එම විරෝධතාවට එක්වූ භික්ෂූන් වහන්සේලා නව දෙනෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 10 දෙනෙක් ඇතුළු 27 දෙනකු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉදිරියේ අද (08) පෙරවරු නවයට පෙනී සිටීමට නියමිතය.

ඒ අනුව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, මැදගොඩ අභයතිස්ස හිමි, බෙංගමුවේ නාලක හිමි, ගලගොඩඅත්තේ ඥානසාර හිමි, විතාරන්දෙණියේ නන්ද හිමි, අහුන්ගල්‍ලේ සිරි ජිනානන්ද හිමි, බියගම සුසීල හිමි, වටිනාපහ සෝමානන්ද හිමි, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි මෙන්ම ඩලස් අලහප්පෙරුම, ජානක ප්‍රියන්ත බණ්ඩාර, සරත් වීරසේකර, රොෂාන් රණසිංහ, ජයන්ත කැටගොඩ, උදිත ලොකු බණ්ඩාර, ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, එස්.එම්. චන්ද්‍රසේන, වීරකුමාර දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉදිරියේ පෙනී සිටීමට නියමිතය.

එමෙන්ම බස්නාහිර පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග හා එම පළාත් සභා මන්ත්‍රීවරුන් වන රොජර් සෙනෙවිරත්න, ජගත් කුමාර, සුනිල් ජයමිණ, උපාලි කොඩිකාර, අජන්ත ලියනගේ යන මහත්වරු හා මධුමාධව අරවින්ද යන මහත්වරුන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉදිරියේ පෙනී සිටීමට නියමිතය.

උසාවි තහනම් නියෝග නොතකා විරෝධතාවක නියැළුණේ යැයි කුරුඳුවත්ත ‍පොලිසිය අධිකරණයට දැනුම්දීමෙන් අනතුරුව මෙම විත්තිකරුවන් 27 දෙනාට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත උසාවිය ඉදිරියේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

Last modified on Friday, 08 May 2015 07:41

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us