මහාභාරකාර තනතුරට ප්‍රථමවරට කාන්තාවක්

Published in පුවත්
Monday, 11 May 2015 14:02

ශ්‍රී ලංකාවේ මහාභාරකාර දෙපාර්තමේන්තුවේ ප්‍රථමවරට මහාභාරකාරවරිය ලෙස අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව නීතිඥ තරංගනී කීනවින්න දිසානායක මහත්මිය පත්කර තිබේ. වසර 1922 ආරම්භකර ඇති මහාභාරකාර දෙපාර්තමේන්තුවේ මෙම තනතුරට පත්වූ ප්‍රථම කාන්තාව ඇය වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම මහාභාරකාරවරිය වශයෙන් නීතිඥ දිසානායක මහත්මිය ලබන බදාදා(13) පෙරවරුවේදී එම දෙපාර්තමේන්තුවේදී වැඩ භාරගැනීමට නියමිතය.

නීතිඥ දිසානායක මහත්මිය කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවකි.

ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරියක් වශයෙන් 1983දී දිවුරුම් දුන් ඇය ජනාධිපති නීතිඥ ජේ. ඩබ්ලිව් සුභසිංහ සහ රාජනීතිඥ එච්.ඩබ්ලිව් ජයවර්ධන යන මහත්වරුන්ගේ කණිටු නීතිඥවරිය ලෙස 1991 දක්වා කටයුතු කර තිබේ. පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභිආචනාධිකරණයේ නීතිඥවරියක් ලෙසද කටයුතු කළාය. දිසානායක මහත්මිය නියෝජ්‍ය මහාභාරකාර ධූරයට පත්වූයේ 2008 වර්ෂයේදීය.

 

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us