සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ජාතික කවුන්සිලයක් හදනවා-පාලිත මහීපාල

Published in පුවත්
Monday, 11 May 2015 15:29

රෝහල තුළ දී රෝගියාට සපයන සායනික සේවාව නිසි ආකාරව ලැබේ ද යන්න සොයාබැලීම සඳහා සියලු ම වෛද්‍ය සංගම් සම්බන්ධ කරගෙන ජාතික කවුන්සිලයක් නිර්මාණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

දිවයින පුරා පිහිටි රෝහල්වලින් ජනතාවට ලබාදෙන සෞඛ්‍ය සේවාවන් හි ගුණාත්මකභාවය ඉහළ නැංවීමට රෝහල්වල මානව සම්පත් සහ භෞතික සම්පත්වල පවතින ගැටලු සොයා බලමින් එම ගැටලු නිරාකරණය සඳහා කඩිනම් ක‍්‍රියාමාර්ග ගැනීමේ දීප ව්‍යාප්තව ක‍්‍රියාත්මක වැඩසටහනක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ක‍්‍රියාවට නංවා ඇත. මෙම වැඩසටහනේ තවත් වැඩසටහනක් ඊයේ (10) වයඹ පළාතේ රෝහල් කේන්ද්‍රකර ගනිමින් ක‍්‍රියාත්මක කෙරිණි. මෙම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මේ බව සඳහන් කළේය.


හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ කරන ලද මෙම වැඩසටහන යටතේ මේ වනවිට මාතර සහ කෑගල්ල සහ පුත්තලම දිස්ත‍්‍රික්කයේ රෝහල් පරීක්ෂාකර එම රෝහල්වල පවතින ගැටලු සහගත තත්ත්වයන් රාශියක් නිරාකරණය කිරීමට පියවර ගෙන ඇත. මේ අනුව ඊයේ දින වයඹ පළාත් රෝහල් පරීක්ෂාවට ලක් කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් එම රෝහල්වල පවතින ගැටලුකාරී තත්ත්වයන් සඳහා කඩිනම් විසදුම් ලබාදීමට පියවර ගන්නා ලදී.

මෙහිදී වයඹ පළාතේ සෞඛ්‍ය සංවර්ධනය උදෙසා භෞතික සම්පත් සංවර්ධනය කිරීමේ අරමුණින් ගොඩනැගිලි ඉදිකිරීමට, ගොඩනැගිලි අලුත්වැඩියාව හා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ආදී රෝහල්වල අත්‍යවශ්‍ය කටයුතු සිදුකොට ගැනීම සඳහා රුපියල් මිලියන 100ක පමණ මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රතිපාදන යටතේ ලබාදීමට පියවර ගන්නා ලදී.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා,

'සෞඛ්‍ය සේවාව පුළුල් වශයෙන් අරගෙන දර්ශක වශයෙන් කථා කළොත් ශ‍්‍රී ලංකාව දකුණු ආසියානු කලාපය තුළ පමණක් නොවෙයි ආසියාව තුළ ම සෞඛ්‍ය සේවාව සපයන හොඳම රටක්. මෙවැනි සෞඛ්‍ය සේවාවක් බොහෝ රටවල්වල නැහැ. ඒ පුළුල් වශයෙන් බැලුවොත් පමණයි. නමුත් එක් එක් රෝගියා වෙනම අරගෙන විවරණයක යෙදුනොත් රෝගියාට ලැබෙන සෞඛ්‍ය සේවාව කුමක්ද කියලා එතරම් සතුටු වෙන්න පුළුවන් සේවාවක් ලැබෙන්නේ නැහැ. පුළුල් වශයෙන් ගත්තොත් මාතෘ මරණ අනුපාත දර්ශකය ඉතාම හොඳයි. ළදරු මරණ දර්ශකය ඉතාම හොඳයි. එසේ පුළුල් වශයෙන් කථා කලාට අයෝජනයක් විදිහට මුදල් වියදම් කරාට පෞද්ගලිකව රෝගීන්ට ලැබෙන සෞඛ්‍ය සේවාව ගත්තොත් විශාල ගැටලු රාශියක් තිබෙනවා.'

'එම නිසා අපි විශ්වාස කළා ඉදිරියේ දී ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලැබෙනවා ද කියලා බලන්න වැඩසටහනක් ආරම්භ කරන්න. ඒ කියන්නේ කණ්ඩායම් වශයෙන් රෝහල්වලට එවලා දවස් තුන හතරක් රෝහලේගත කර රෝගියෙක් රෝහලට ඇතුළු වුණ අවස්ථාවේ සිට රෝහලෙන් පිටවන තෙක් රෝහල තුළදී ලැබෙන සම්පූර්ණ සත්කාරය කුමක්ද කියලා බැලීම සඳහා වන වැඩසටහනක්. රෝගියට ලැබෙන ප‍්‍රතිකාරය තුමක්ද කියන එක පිළිබඳ ව විශ්ලේෂණයක් කිරීම අවශ්‍ය වෙනවා. ඒ පිළිබඳ ව අපි සියලු ම වෛද්‍ය සංගම් සම්බන්ධ කරගෙන විවිධ විද්‍යාත්මක වශයෙන් මේ පිළිබඳ හැදෑරීමක් කරපු අය සම්බන්ධ කරගෙන ජාතික කවුන්සිලයක් හදන්න තීරණය කර තිබෙනවා.රෝගියාට සපයන සායනික සේවාව නිසි ආකාරව ලැබේ ද යන්න සොයා බැලීමට බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳ ප‍්‍රායෝගික ප‍්‍රශ්න තිබෙනවා ද කියලා, අභියෝග රාශියක් තිබෙනවා ද කියලා පෙනෙයි.'

අපි දැන් සිටම මේ සදහා සූදානම් වෙමු යනුවෙන් මහ‍ීපාල මහතා වැඩිදුරටත් පැවසුවේය.



Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us