වාර්ගික සමගිය වෙනුවෙන් මෛත්‍රී ගැන විශ්වාසය තබනවා - සම්බන්ධන්

Published in පුවත්
Tuesday, 12 May 2015 13:23

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ස්වයං නිර්ණ අයිතිය මත පදනම්වූ දේශපාලන විසඳුමක් දමිළ ජනතාව වෙත ලබාදෙනු ලබා දෙනු ඇති බවට විශ්වාසයක් ඇතැයි දෙමළ සන්දානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සම්බන්දන් පවසයි. ඔහු මේ අදහස් ප්‍රකාශ කරේ පසුගිය සෙනසුරාදා(09) මඩකලපුවේ කෝවිලක පැවති උත්සවයකදීයි.

"අපි තුල ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මෛත්‍රිපාල ජනාධිපතිවරයා දශක හයක් පුර පවතින දමිළ ජනතාවගේ ගැටලුව පිළිබඳ සිංහල ජනතාව දැනුවත් කර සාධාරණ විසඳුමක් ලබාදීමට උත්සහ කරනු ඇති බව." ඔහු පවසයි.

ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ තම පක්ෂය මේ රටෙන් වෙනම රාජ්‍යයක් නොඉල්ලන බවයි.
"අපි ජනවාර්ගික ප්‍රශ්නයට ෆෙඩරල් විසඳුමක් ඉල්ලන්නෙත් නෑ."

සම්බන්ධන් මන්ත්‍රීවරයා පවසන පරිදි රජයේ මුරණ්ඩු ප්‍රතිපත්ති තම පක්ෂයට වෙනම රාජ්‍යක් ඉල්ලීම සඳහා බලකෙරුණු බවයි. නමුත් චෙල්වනායගම් පරික්ෂාකාරී ලෙස ජනවාර්ගික ගැටලුවට වඩා සුදුසු විසඳුමක් වඩ්ඩුකොඩෙයි ප්‍රඥප්තිය හරහා යෝජනා කළ බව ඔහුගේ අදහසයි.

"දෙමළ ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයක් බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර ප්‍රජාවත් මැතිවරණ ප්‍රතිපල පිළිබඳ අවදියෙන් සිටිනවා. දෙමළ ජනතාව තම ඡන්දය ලබාදිය යුත්තේ ජනවාර්ගික ගැටලුවට සාධාරණ විසඳුමක් සඳහා රජය මෙහෙයවිය හැකි පක්ෂයක් වෙතයි." සම්බන්ධන් මන්ත්‍රීවරයා පවසයි.

Last modified on Tuesday, 12 May 2015 14:10

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us