රාජපක්ෂ ආණුඩුව ගැන ජනතා විශ්වාසය භංගවී හමාරයි-අකිල(audio)

Published in පුවත්
Tuesday, 12 May 2015 15:53

ජනවාරි 08 වනදා රාජපක්ෂ ආණ්ඩුව කෙරේ ජනතාව තුළ තිබු විශ්වාසය භංගවී ගිය බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේය.ඔහු මේ බව පැවසුවේ අද(12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

හිටපු අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත් ඒ වෙනුවෙන් රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පිරිසක් සමග ජීනීවා මානව හිමිකම් කොමිසමට යන බවට ප්‍රකාශයක් සිදු කර ඇති බව අකිල විරාජ් අමාත්‍යවරයා පැවසුවේය. පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමයේදී විපක්ෂයේ සිටි අය ජිනීවා යනවිට දේශද්‍රෝහීන් ලෙස හැදින්වූ බවත් ජිනීවා වල ඇත්තේ කොටි සංවිධානයට සහාය දෙන ස්ථානයක් බවත් එහි යන්නේ දේශද්‍රෝහීන් බව පවසමින් හඩනැගූ බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

මේ වනවිට ඔවුන්ට එම කතා අමතකව ඇති බවත් අද ඔවුන් ජිනීවා යන්නේ දේශද්‍රෝහීන් නිසාද යනුවෙන් තමා ඔවුන්ගෙන් ප්‍රශ්න කරන බවත් අමාත්‍යවරයා පැවසුවේය.

ඔවුන් වත්මන් අගමැතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒමට සූදානම් වන බව පවසන මුත් ජනවාරි 08 දා භංගවූයේ ජනතාව තුළ රාජපක්ෂ ආණ්ඩුව කෙරෙහි තිබූ විශ්වාසය බව අමාත්‍යවරයා පැවසුවේය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවේ 113 කගේ විශ්වාසය පළකර පෙන්වන ලෙස රාජපක්ෂව අවශ්‍යයි කියා පවසන කණ්ඩායමට අභියෝග කරන බව අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසුවේය.

{soundcloud}https://soundcloud.com/lankadaily/akila-virajmp3{/soundcloud}

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us