මහින්ද වෙනුවෙන් පත්තර පඩංගු 2ක්. වියදම චීනයෙන් !

Published in පුවත්
Tuesday, 12 May 2015 22:55

පරාජයෙන් පසුව පැත්තකට වී නොසිටීම නිසා පජාත වී සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත දේශපාලන වශයෙන් ශක්තිමත් කිරීම සඳහා ගෙන යන කුමන්ත්‍රණකාරී මෙහෙයුමට චීන රජයෙන්ද ආධාර උපකාර ලැබෙමින් තිබේ.

රාජපක්ෂලා සමඟ රට හූරගෙන කන කොමිස් ගනුදෙනු ‍රැසක් කළ චීන රජයේ අනුග්‍රහයෙන් මේවන විට මඩ හා පච පුවත්පත් දෙකක් මුද්‍රණය වෙමින් තිබෙන අතර මේ සඳහා උපදේශකවරයකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කටයුතු කරමින් සිටින බවත් දැන ගැනීමට තිබේ.

මේ වන විට 'විස්තර' නමින් ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ මඩ පුවත් පතක් හා කලකට පෙර මහින්ද රාජපක්ෂගේම ව්‍යාපෘතියක් ලෙස අරබා නවතා දැමුණු 'දෙව්සද'නම් තනිකර ගං කෙබරවලින් සමන්විත ජෝතිෂ්‍ය පුවත්පතද නැවත ආරම්බ කිරීම සිදුව තිබේ. එමෙන්ම ඉදිරියේදී තවත් පුවත්පතක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වේ.

මෙම පුවත්පත් දෙකෙහි කර්තෘවරයා ලෙස කටයුතු කරන්නේ එම කර්තෘගේම හැඳින්වීම අනුව "ප්‍රවීණ පුවත්පත් කර්තෘ ආරියතිලක වත්තගේ "නැමැති බොරු සාත්තර කියන තක්කඩියෙකි. අවාසනාවට සරා සෙනෙවිරත්න නම් ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ ජාත්‍යන්තර තලයේ කාර්ටූන් ශිල්පියාද මේ පත්තර පඩංගුවට හවුල් වී සිටී. ඔහු සිංහල කියවීමට නොදන්නා නිසා මේ පත්‍රයේ පළ වන්නේ කුමක්දැයි නොදන්නවට සැක නැත.

මෙම පුවත්පත් දෙකෙහි පිටපත් චීන තානාපති කාර්යාලයෙන් ද ලබා ගත හැකි අතර මේවන විට වෙළඳ පොළටද නිකුත් කරමින් පවතී.

කෙසේ නමුත් චීන තානාපති කාර්යාල පහල නිළධාරීන් පවසන්නේ තමන්ගේ ඉහළ නිළධාරීන්ව ගොනාට අන්දවා මුදල් ගැරීමක්ද සිදුවෙමින් තිබෙන බවය.

කෙසේ නමුත් පසුගියදා මහින්ද රාජපක්ෂ පැවැසුවේ තමාව පරදවන්න අමරිකානු රජය ලැප්ටොප් 3,500ක් බෙදාහැරිය බවය. එහෙත් චීන රජය තමාවත් තමන්ගේ දූෂිත පවුල් පාලනය වෙනුවෙන් සෘජුවම මැදිහත් වෙමින් සිටීම ගැන වචනයක්වත් ඔහු කිවේ නැත. ඒ කෙසේ නමුත් චීන රජය කෙළින්ම මෙරට මාධ්‍ය හා දේශපාලනය හැසිරවීම සඳහා මැදිහත්වීම මෙරට යහපාලනය යටතේවන විදේශ ප්‍රතිපත්තිය දැයි අපි නොදන්නෙමු. මීට පෙර කාලයේදි නම් තානාපති කාර්යල මෙවා කළේ හොර රහසේය.


ආරියතිලක වත්තගේ නැමැති හොර සාත්තර කියන තක්කඩියා 2014 මාර්තු මස දෙව්සද පුවත්පතේ පලකරන ලද අනාවැකියකි මේ..


"...දැඩි ලෙස ජනතාව පීඩා වින්ද තිස් වසරක යුධ ශාපයක් තම සාංසාරික පුරුද්ද තුලින් සුන්නද්ධූලි කර දැමුවා සේ ඔය කඩාකප්පල්කාරී විදේශීය සහ සියඵ කුමන්ත‍්‍රණකරුවන්ට නිසි පාඩමක් කියා දෙමින් එල්ලවන සියඵ පීඩාවන් අඵයම ලූ කෙළ පිඩක් සේ ඉවත දා සියඵ පීඩාවන්ගෙන් ජනතාව මුදවා ගන්නට අප යුග නිරිඳු ජනපතිඳුට භාග්‍ය උදාවන්නේ සංසාරික පුරුද්ද හා උරුමයන් තුලින් බවද ඒ පුණ්‍ය ශක්තිය ඇති අප ජනපතිඳු මහින්ද රාජපක්‍ෂයානන් විද්‍යාව විසින් ගුප්තයැයි කියන මානසික බලය විශ්මය ජනක ලෙස භාවිතාවට ගන්නා දිනය වැඩි ඈතක නොවන බවද, වගකීමෙන් යුක්තව කියා සිටින අතර, මීලඟට ඌව මැතිවරණයෙන් පසු ඉතාමත් අතළඟම පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් බවත් එම ජනාධිපතිවරණය සඳහා සතුරු ස්ථානයවුත්, රෝගස්ථානය වුත් 6 වැන්නේ සතුරු බලයෙන් යුතුව සෙනසුරු මහා දශාව හිමි විපක්‍ෂය කෙබදු පොදු අපේක්‍ෂකයෙක් කරලියට ගෙනාවත් තුන්වෙනි වරටත් එම අපේක්‍ෂකයන් පහසුවෙන් පරාජය කරන්නේ 2010 වර්ෂයේ ජනාධිපතිවරණයේ ඡන්ද ප‍්‍රතිශතයටත් වඩා 20% ක් සහතිකවම ඉහලින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂයානන් විජයග‍්‍රහණය කරනාව යන්න මා සහතික කරන මේ අනාවැකිය හැකිනම් බොරුවක් කර පෙන්වන්නයි මා අභියෝග කරමි."

ආරියතිලක වත්තගේ
(දෙව්සද ප‍්‍රධාන කර්තෘ)

wistara-2

 

Last modified on Tuesday, 12 May 2015 23:42

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us