පළාත් පාලන ආයතන කොමසාරිස්වරු යටතට. මහින්දගේ තවත් දළක් කැඩෙයි

Published in පුවත්
Wednesday, 13 May 2015 07:08

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ මහ මැතිවරණයෙන් පසුව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

අලුත් කොට්ඨාස ඡන්ද ක්‍රමය යටතේ මේ වසරේදී මෙම ඡන්දය පැවැත්වෙන බවද ජනාධිපතිවරයා කීවේය. පළාත් පාලන ආයතන 270 විසුරුවා හැර එහි බලය විශේෂ කොමසාරිස්වරයකු යටතට පැවරන බවද ජනාධිපතිවරයා පැවැසීය. ජනාධිපතිවරයා මෙසේ සඳහන් කළේ බේරුවල ප්‍රාදේශීය සභාව සහ පයාගල රාජිත සේනාරත්න ක්‍රීඩාංගණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (12) සහභාගි වෙමිනි.

විශේෂ කොමසාරිස්වරයකු ලෙස පත් කෙරෙන්නේ පළාත් පාලන ආයතනවල ලේකම්වරයා බවද හෙතෙම කීවේය.

පසුගිය මාර්තු 31 වන දින පළාත්පාලන ආයතනවල කාලය අවසන් වූ අතර ඒ මැයි 15 වන දින දක්වා දීර්ග කරනු ලැබීය. කෙසේ නමුත් ශ්‍රී ලනීපයේ මහින්ද වාදීන්ගේ මතය වූයේ පළාත්පාලන ආයතන කොමසාරිස්වරුන් යටතට පත් නොකළ යුතු බවත් එහි කාලය දීර්ග කළ යුතු බවත්ය. මහින්දවාදීන්ගේ බලය ‍රැඳී තිබුණේ මෙම පළාත්පාලන මන්ත්‍රීවරු මතය.

Last modified on Wednesday, 13 May 2015 07:44

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us