සන්නස්ගල එජාපයට

Published in පුවත්
Wednesday, 13 May 2015 10:13

උපුල් ශාන්ත සන්නස්ගල රත්මලාන ආසනයේ එ.ජා.ප. ආසන සංවිධායකවරයා වශයෙන් පත්කර තිබේ.

ජනවාරි 08 වැනිදා නව රජය බිහිවීමෙන් පසු එ.ජා.ප.ය පත්කළ පළමු ආසන සංවිධායකවරයා වන්නේ සන්නස්ගල මහතාය. ඔහු මීට පෙර අවස්ථා කිහිපයකදීම දේශපාලනයට සම්බන්ධ වන බවට කටකතා පැතිරුණද ඒ කිසිදු අවස්ථාවකදී ඔහු දේශපාලනයට සම්බන්ධ නොවීය.

1994 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හපුතලේ ආසනයට තරග කිරීම කළ ආරාධනය ඔහුට ලැබුණු පළමු ආරාධනය වූ අතර, එයින් පසුව මහරගම සහ අවිස්සාවේල්ල ආසන සංවිධායක වශයෙන් දේශපාලනයට එක්වීමේ ආරාධනා ලැබී තිබේ.

2010 පළාත් සභා මැතිවරණයේදී සබරගමුව මහ ඇමති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමට ආරාධනා ලැබුණු අවස්ථාවේදී එ.ජා.ප.යේ යෝජනාව බාරගන්නෙත් නෑ... ප්‍රතික්‍ෂේප කරන්නෙත් නෑ.. යනුවෙන් ඔහු කළ ප්‍රකාශය දේශපාලන ක්‍ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්විය.

පසුගියදා එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා අතින් ආසන සංවිධායක ධුරය භාරගත් සන්නස්ගල මහතා ඒ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.

දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා රත්මලාන සංවිධායකවරයා ලෙස කටයුතු කිරීමෙන් පසුව මේ ආසනයට එ.ජා.ප.යෙන් ස්ථිර සංවිධායකවරයෙකු සිටියෙ නෑ. දේශපාලන යෝධයෙක් නියෝජනය කළ මේ ආසනයේ සංවිධායකවරයා වීම මට සුවිශේෂීයි.

උපුල් ශාන්ත සන්නස්ගල රචිත පොත් 15 ක් එළිදැක්වීම උත්සවය සන්න අරගලය නමින් පසුගිය දිනක පැවති අවස්ථාවේදී අගමැතිවරයා විසින්ද ඔහු දේශපාලනයට පැමිණෙන බවට ඉගියක් ලබාදුන්නේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us