දැන් මහරජෙක් නෑ, සැබෑ ජනතා පුත්‍රයෙක් ඉන්නවා- රාජිත(audio)

Published in පුවත්
Wednesday, 13 May 2015 11:15

වර්තමාන ජනාධිපතිවරයා ජනතාවට සේවය කරන ජනතා පුත්‍රයෙකු මිස මහාරජාණන් කෙනෙක් නොවන බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පැවසුවේය. ඔහු මෙම අදහස් දැක්වූයේ රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කළ ජාත්‍යන්තර හෙද දිනය සැමරීම සදහා වූ උත්සවයට ඊයේ (11) සහභාගීවෙමිනි.

වත්මන් ජනාධිපතිතුමා රාජපක්ෂ ආණ්ඩුව යටතේ සෞඛ්‍ය ඇමතිව සිටියදී සීමා බාධක බොහෝමයක් මධ්‍යයේ කටයුතු කරන්නට සිදුවූ බවත් එතුමා ගත් සෑම වැදගත් පියවරකදීම කකුලෙන් අදිමින් ඒවා අඩාල කරදැමූ බවත් සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

දුම්කොළ පනත ගෙන ඒමට දැරූ උත්සහයේදී රාජපක්ෂ ජනාධිපතිවරයා දුම්කොළ සමාගමේ පැත්ත ගත් බවත් රටේ යහපත වෙනුවෙන් කටයුතු කරනවා වෙනුවට දුම්කොළ සමාගමේ අයිතීන් ආරක්ෂා කර දුන් බවත් සදහන් කළේය. සිගරැට් එකක් බොන්න බැරි රටකට මොන සුද්දද එන්නේ යනුවෙන් සිතූ බවත් ඔෟෂධ පනත ගෙන එද්දී එය අතුරුදහන් කිරිමට කටයුතු කළ බවත් පැවසුවේය.

වර්තමානයේ සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් තමාට හොදින් සේවය කළ හැකි තනතුරක් ලැබී ඇති බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සෞඛ්‍ය ඇමතිව සිටි සමයේ නතර කළ තැනින් තමා වැඩ ආරම්භකළ බවත් අමාත්‍යවරයා පැවසුවේය.

වර්තමාන‍යේ රට තුළ වෙනසක් ඇතිවී ඇති බවත් තමාගේ විධායක බලය තමාම අහෝසිකරීමට ප්‍රතාපවත් තීරණයක් ගත් නායකයෙකු සිටීම ගැන ආඩම්බර වන බවත් පැවසුවේය.එදා බලතල වැඩිකර ගැනීමට උත්සාහ කළ නායකයා වෙනුවට අද වන විට තම දූරකාලය පවා අඩු කර ගත් ආදර්ශමත් නායකයෙකු අපට සිටින බව පැවසුවේය.නායයෙකුගේ ප්‍රතාපවත් බව මැනිය යුත්තේ අනුන්ගේ දේ රැස් කර ගෙන තමා වර්ධනය වන ස්වභාවයෙන් නොව තමන්ගේ දේ පවා අනුන්ට දෙන ගුණයෙන් බවත් එය කළ හැත්කේ සැබෑ පෞරුෂත්වය සහිත නායකයෙකුට පමණක් බවත් පැවසුවේය.

වර්තමාන ජනාධිපතිවරයා ජනතාවට සේවය කරන ජනතා පුත්‍රයෙකු මිස මහාරජාණන් කෙනෙක් නොවන බව පැවසුවේය. පසුගිය කාලය තුළ හුදකලාවී සිටි ශ්‍රීලංකාව අද වන විට ලොවම ගෞරව කරන තත්වය පත්ව ඇති බවත් පැවසුවේය.

සම්පූර්ණ හඩ පටයට පහතින් සවන් දෙන්න

{soundcloud}https://soundcloud.com/lankadaily/rajitha2015-05-12-115227{/soundcloud}

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us