සරත් අමුණුගමගෙන් SAITM ආයතනයට දොළපිදේනියක්(audio)

Published in පුවත්
Wednesday, 13 May 2015 12:06

වත්මන් ආණ්ඩුව මගින් නැවත වතාවක් මාළඹේ ආයතනයට උපාධි විකිණීමේ බලතල ලබාදීම කටයුතු කර ඇති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු නජිත් ඉන්දික පවසයි. ඔහු මෙම අදහස් දැක්වූයේ අද(13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෛත්‍රී-රනිල් හවුල් ආණ්ඩුව විසින් මැයි මස 07 දින මාළඹේ SAITM ආයතනයට තවත් උපාධි පාඨමාලා දෙකක් ප්‍රදානය කිරිමට අවසර ලබ‍ා දෙමින් අත් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඒ ඉංජිනේරු විද්‍යාව පිළිබද ඉංජිනේරු විද්‍යා ගෞරව උපාධිය සහ යාන්ත්‍ර ඉංජිනේරු විද්‍යාව පිළිබද ඉංජිනේරු විද්‍යා උපාධිය සදහාය.

මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ අත්සනින් බවත් වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයද රාජපක්ෂ ආණ්ඩුව හා සමාන වී ඇති බවත් පැවසුවේය.

උසස් අධ්‍යාපනය සම්බන්ධව වත්මන් ආණ්ඩුව හිතුමතේට ක්‍රියා කරන බවත් හන්දියේ තේ කඩයක් ,විට කඩයක් ආරම්භ කරනවා තරම්වත් කිසිදු සැලසුමකින් තොරව උපාධි පාඨමාලා ආරම්භකර ඇති බවත් පැවසුවේය.

මෙය ඉතා භයානක විහිළුවක් බවත් අධ්‍යාපනයේ ඉදිරිගමන පිළිබද දැන් උද්ගතවී ඇත්තේ භයානක තත්වයක් බැවින් මෙම වැරදි තීරණයන්ට විරුද්ධව කටයුතු කරන ලෙස සැමගෙන් ඉල්ලාසිටින බව හෙතෙම වැඩිදුරටත් පවසාසිටියේය.

හඩපටය සහ ගැසට් නිවේදනය පහතින්

{soundcloud}https://soundcloud.com/lankadaily/najith2015-05-13-103543{/soundcloud}

DNP 4288

DNP 4289

Last modified on Wednesday, 13 May 2015 12:09

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us