අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහි පෙත්සම ඉවතට

Published in පුවත්
Wednesday, 13 May 2015 13:44

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද(13) මහ බැංකු බැඳුම්කර නිකුතුවේ සිදුව ඇතැයි කියන වංචාවක් සම්බන්ධයෙන් මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කර තිබේ.

මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වන නීතිඥ චන්ද්‍රා ජයරත්න, ආචාර්ය ජී. උස්වත්ත ආරච්චි, ඒ.සී. විශ්වලිංගම් ඇතුළු පිරිසක් විසින් ගොනු කරන ලද්දකි.

පෙත්සම මගින් මෙම වංචාව විමර්ශනය කිරීම සඳහා සුදුකම් සහිත සහ ස්වාධීන කමිටුවක් පත්කරන ලෙස සහ ඉදිරියේදී මෙවැනි වංචාවක් සිදු නොවන පරිදි අලුත් ක්‍රමවේදයක් සහ නීති රීති මාලාවක් ඇතිකිරීමට පියවර ගන්න ලෙස මහා බැංකුවට නියෝග කරන ලෙස ඉල්ලා තිබේ.

වසර තිහක් සඳහා වන රුපියල් බිලියන දහයක බැඳුම්කර නිකුත් කිරීමේදී වැඩි පොළියකට තම ඥාතියෙකුගේ සමාගමකට බැදුම්කර ලබාදී බරපතල වංචාවක් සිදු කළ බවට අර්ජුන් මහේන්ද්‍රන්ට චෝදනා එල්ල විය. පසුව එම චෝදනාව විමර්ෂණය සඳහා අගමැතිවරයා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කළ අතර ඉන් මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඍජු දායකත්වයක් දක්වා නොමැති බව තීරණය කොට තිබුණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us