විදේශ අැමති විදේශ තනාපතිවරුන් හමුවේ(photos)

Published in පුවත්
Wednesday, 13 May 2015 15:04

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය මාස 04ක කාලය තුල රජය විසින් අත්පත් කර ගත් ජයග්‍රහණ පිළිබදව රටවල් විසි හතරක් නියෝජනය කරමින් පැමිණි සිටි විදේශ තනාපතිවරුන් හා වෙනත් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්තී්‍රක නිළධාරීන් පිරිසක් දැනුවත් කරන ලදී. මෙහීදි ඔහු විසින් අනාගතය සදහා ඇති සැලසුම් පිළිබදව සංක්ෂිප්ත සටහනක් කරන ලදී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, පරිපාලන හා සංස්කෘතික වෙනස්කමි හරහා ප්‍රජාතන්ත්‍රවාදය යලි ස්ථාපනය කිරිම සදහා ගනු ලබන උත්සාහයන් පිළිබදව දැනුවත් කිරීමට මෙම හමුව උපයෝගී කර ගැනුණී.

විවිධ ජනවාර්ගික, සංස්කෘතික හා බහු භාෂා වලින් සමන්විත සමාජයක් තුල සියලූ ජනයාගේ විචිත්‍රභාවය මෙන්ම පරිපුර්ණ හා සමාන පුරවැසිභාවයක් අත්විදි හැකි සමාජයක් ගොඩ නැගීම සදහා රජය විසින් ගනු ලබන තීරණාත්මක වැදගත්කමින් යුත් ප්‍රයත්න පිළිබදවත් සමරවීර මහතා අවධාරණය කළේය. මෙවැනි සංදර්භයක් තුල සියලූ ශී්‍ර ලංකිකයන්ගේ විශ්වාසය දිනා ගැනීම සදහා සිදු කරන උත්සාහයන් පිළිබදවත් මතු වී ඇති ප්‍රධාන ගැටළු වන අතුරුදහන් වු පුද්ගලයින්, නීත්‍යාණුකූල හිමිකරුවන් වෙත නැවත ඉඩමි පැවරීම සහ සංහිදීයාව ගොඩනැගීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිලිබදවත් පැහැදිලි කළේය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව තුල නිරිමාණාත්මක හා ගෞරවයට පාත්‍ර වු රටක් කිරිමට උත්සුක වන අතර සියලූ ශ්‍රී ලංකිකයන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීම සදහා ප්‍රත්‍යාරමිභ වු නව විදේශ ප්‍රතිපත්ති පිලිබදවද සමරවීර මහතා අවධාරණය කළේය.

සන්නිවේදන හා විනිවිදභාවය සංවර්ධනය කිරිම සදහා අමාත්‍යවරයා විසින් මහේෂිනි කොළොන්න මහත්මිය අමාත්‍යාංශයේ නිල ප්‍රකාශවරිය ලෙස පත් කළ අතර ඇය විසින් මාධ්‍ය හා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කිරිම සදහා නිතිපතා රැස්වීමි පැවැත්වීමට නියමිතය.

විදේශ ආයෝජන, වෙළද හා සංචාරක ව්‍යාපාරය තුලින් නව රැකියා නිර්මාණය සහ ආර්ථීකය වර්ධනය කිරිමටත් ගනු ලබන උත්සාහයන් ඇතුලූ පුළුල් පරාසයක විහිදී අනෙකුත් ගැටළු පිළිබදවත් සාකචිඡා කරන ලදී.

මෙම සංක‍ෂිප්ත හමුවීම 2015 මැයි 12 වන දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ පවත්වන ලදී.

we

wed

wides

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us