තාජුඩීන්ගේ මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට

Published in පුවත්
Thursday, 14 May 2015 06:33

රගර් ක්‍රීඩක මොහොමඩ් රෆීක් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ මරණ පරීක්ෂණ වාර්තා හා ඊට අදාළ ඡායාරූප රහස් පොලිසියේ මිනීමැරුම් විමර්ශන ස්ථානාධිපතිවරයාට හා අධිකරණයට භාර දෙන්නැයි අධිකරණ වෛද්‍ය නිලධාරීන් සිවු දෙනකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ (13) නියෝග කළේය.

අදාළ මරණය සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ඨ කිරීමට කෙරෙන විමර්ශනයන්ට මෙම වාර්තා අවශ්‍ය බවත් වෛද්‍යවරුන් නිකුත් කළ මරණ පරීක්ෂණ වාර්තා හා සියලුම ඡායාරූප ලබා දෙන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීන් තිදෙනකුට හා පුත්තලම අධිකරණ වෛද්‍ය නිලධාරියාට මෙම නියෝග කළේය.

2012 මැයි 17 වැනි දින කොළඹ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල කාර් රථයක මෙම මරණය සිදුව තිබූ බව රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.තාජුඩීන්ගේ සැක සහිත මරණය සම්බන්ධයේ හිටපු ජනාධිපතිවරයාගේ පුත්‍රයකු වන යෝෂිත රාජපක්ෂ මහතා වෙත ඇඟිල්ල දිගුව තිබේ.

පැමිණිල්ලේ වැඩිදුර විභාගය ජුනි 04 වැනි දිනට සිදුවේ.

Last modified on Thursday, 14 May 2015 06:43

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us