19 ට කතානායක අත්සන හෙට

Published in පුවත්
Thursday, 14 May 2015 07:08

දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට හෙට (15) කථානායක චමල් රාජපක්ෂ මහතා විසින් අත්සන් තැබිමට නියමිතය. සියලු සංශෝධනවල ඇතුළත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අධිකරණ අමාත්‍යාංශය විසින් මේ වන විටත් පාර්ලිමේන්තු මහ ‍ලේකම් ධම්මික දසනායක මහතා වෙත භාරදී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

දහනව වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අප්‍රේල් 28දා පාර්ලිමේන්තුවේදී සම්මත වුවද එදින විපක්ෂයේ සංශෝධන කිහිපයක් ඉදිරිපත් වීම නිසා ඒවාද ඇතුළත් කොට යළි පනත් කෙටුම්පත සැකසීමට සිදුවිය. එම නිසා සංශෝධිත පනත කථානායකවරයා වෙත ඉදිරිපත් කිරීම ප්‍රමාද වූ බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව සකස් කළ සංශෝධිත පනතේ සිංහල පිටපත පෙරේදා (12) පාර්ලිමේන්තුවේ මහ ‍ලේකම්වරයාට බාර දී ඇත. එහි දෙමළ හා ඉංග්‍රීසි අනුවාදයන් ලද පසු හෙට දිනයේදී කථානායකවරයාගේ අත්සන සඳහා යොමු කිරීමට පාර්ලිමේන්තු මහ ‍ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇතැයිද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. කථානායකවරයා මීට අත්සන් තැබිමෙන් පසු පනත බලාත්මක වනු ඇති අතර ඒ අනුව ව්‍යවස්ථාදායක සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත වනු ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us