මළ අලි පැටවුන්ගේ සිරුරු සොයා කැණීම් තවදුරටත්

Published in පුවත්
Thursday, 14 May 2015 10:50

නීති විරෝධී ලෙස රඳවාගෙන සිටි අලි පැටවුන් 15 දෙනෙකු පමණ මේ වන විට වනජීවී දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙන බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච්. ඩී. රත්නායක මහතා සඳහන් කරයි.

වනජීවී අධ්‍යක්ෂවරයා සඳහන් කළේ අධිකරණ නියෝගවලට අනුව අදාළ අලි පැටවුන් සිය භාරයට ගෙන ඇති බවයි.

මේ අතර සැක සහිත ලෙස මියගොස් වළ දමා ඇතැයි සැලකෙන අලි පැටවුන් දෙදෙනෙකුගේ සිරුරු සොයා මහරගම ප්‍රදේශයේ විහාරස්ථාන භූමියක කැනීම් ආරම්භ කර තිබේ.

අධිකරණ නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී දෙපාර්තමේන්තුව එක්ව ඊයේ දිනයේ අදාළ කැනීම් ආරම්භ කළ අතර මෙතෙක් ඒ පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වී නැත.

ඒ අනූව අද දිනයේත් කැනීම් කටයුතු සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.

අතිරේක මහේස්ත්‍රාත්වරයෙකු ළඟ සිටි බව කියන අලි පැටවෙකුද බත්තරමුල්ලේ වනජීවී කාර්යාලයට භාරදී තිබේ.

වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච්. ඩී. රත්නායක මහතා සඳහන් කළේ අදාළ අලි පැටවා ඊයේ රාත්‍රී වනජීවී කාර්යාලයට ගෙනැවිත් භාරදී ඇති බවයි.

මේ අතර හීලෑ අලි ඇතුන් මෙරටින් තුරන් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව හීලෑ අලි ඇතුන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us