පොළිස් පුටු මාරුවක්

Published in පුවත්
Thursday, 14 May 2015 10:26

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරුන් තිදෙනකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් 28 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවා ඇත.මෙසේ මාරු කළ නිලධාරීන් අතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරු 11 දෙනෙක්‌ සහ පොලිස්‌ ස්‌ථානාධිපතිවරු 14 දෙනකු සිටිති.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරුන් තිදෙනෙක් මාරුකර යවා ඇති අතර ඔවුන් මෙසේය.

නන්දන මුණසිංහ මහතා නැගෙනහිර පළාතේ සිට පොලිස්‌ අපරාධ සහ රථවාහන අංශය, ඩබ්ලිව්. එෆ්. යූ. ප්‍රනාන්දු පොලිස්‌ ක්‌ෂේත්‍ර බළකා මූලස්‌ථානයේ සිට නැගෙනහිර සහ ඌව පළාත් භාරව, ගාමිණී දිසානායක මහතා පොලිස්‌ මූලස්‌ථානයේ සිට මධ්‍යම පළාත භාරව.

මාරුකර යවා ඇති කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරුන් වන්නේ,

අනුර අබේවික්‍රම නුවරඑළිය කොට්‌ඨාසයේ සිට මීගමුව කොට්‌ඨාසය භාරව, එඩ්මන්ඩ් මහේන්ද්‍ර කිලිනොච්චි සිට නුවරඑළිය. ආර්. එම්. ටී. කේ. සෙනෙවිරත්න කිලිනොච්චිය කොට්‌ඨාසයට, ඊ. එම්. එම්. ඒකනායක, සුබසාධන කොට්‌ඨාසයේ සිට වව්නියාවට. ඒ. පී. ෙ-. චන්ද්‍ර කුමාර සංඛ්‍යාලේඛන කොට්‌ඨාසයේ සිට දේපළ කළමනාකරණ කොට්‌ඨාසය.

ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි උපාලි ගල්ගමුව පිරිස්‌පාලන කොට්‌ඨාසයේ සිට සංඛ්‍යා ලේඛන කොට්‌ඨාසයට, එච්. බී. සිරිවර්ධන බණ්‌ඩාරවෙල සිට පිsරිස්‌ කළමනාකරණ අධ්‍යක්‌ෂ ලෙස, කිත්සිරි ජයලත් සීතාවක කොට්‌ඨාසයේ සිට ගොඩනැඟිලි අංශයට, ඩබ්ලිව්. එන්. එස්‌. ඩබ්ලිව්. වික්‍රමසිංහ වව්නියා සිට සීතාවක කොට්‌ඨාසයට, රොෂාන් සිල්වා අපරාධ කොට්‌ඨාසයේ සිට සුබසාධන කොට්‌ඨාසයට යූ. රාමවික්‍රම ගාල්ලේ සිට බණ්‌ඩාරවෙල කොට්‌ඨාසය භාරව මාරුකර යවා ඇත.

මාරුකර යෑවූ පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන් මෙසේය. ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක එච්. එම්. ඩී. ජී. දීගහවතුර තානාපති ආරක්‌ෂක අංශයේ සිට හැටන් මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක ලෙසත්, එම්. එන්. ඒ. බී. තොටගොඩවත්ත හැටන් සිට වරාය පොලිසියටත්, පී. අමරතුංග වරාය පොලිසියේ සිට කෑගල්ල කොට්‌ඨාසයටත්, පී. හෙට්‌ටිආරච්චි මොරගහහේනේ සිට තංගල්ල මූලස්‌ථාන පොලිසියටත්, ඒ. ඒ. ආර්. පී. අමරතුංග, මාන්කේනි සිට මොරගහහේනටත් මාරුකර යවා තිබේ.

ඩී. ඒ. ජයලත් තංගල්ලේ පිට පොලිස්‌ වංචා විමර්ශන අංශයටත්, සමරකෝන් වත්තේගම සිට බෙලිඅත්තටත්, එස්‌. සී. ජයතිලක මඩොල්සිම සිට වීරකැටියටත් ෙ-. බී. පලිහේන චුන්ඩිකුලම් සිට නිවිතිගලටත්, බී. එම්. තුෂාර වීරකැටියේ සිට චුන්ඩිකුලමටත්, අයි. බී. විෙ-රත්න බෙලිඅත්තේ සිට නුවරඑළිය කොට්‌ඨාසයටත්, පී. ටී. සුබසිංහ රස්‌නායකපුර සිට දිඹුලටත්, කේ. බී. දසනායක දිඹුල ස්‌ථානාධිපති සිට පුලියන්කුලම ස්‌ථානාධිපති ලෙසත් මාරුකර යවා තිබේ.

දිවයින

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us