කාන්තා පාර්ලිමේන්තු නියෝජනය වැඩි කරන්න-කාන්තා සංවිධාන

Published in පුවත්
Thursday, 14 May 2015 11:42

නව මැතිවරණ සංශෝධන යටතේ ප‍්‍රමාණවත් කාන්තා පාර්ලිමේන්තු නියෝජනයක් සහතික නොකර තිබීම සම්බන්ධයෙන් මෙරට කාන්තා සංවිධාන කණස්සල්ල පල කරයි.

1931 වසරේදී හිමි වූ සර්වජන ඡන්ද බලයෙන් කාන්තාවට ඡන්ද අයිතිය ලැබුණද එදා සිට මේ දක්වා වූ කාලය තුළ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 6% වඩා වැඩි වී නොමැති බව කාන්තා සහ මාධ්‍ය සාමූහිකයේ නිර්මාතෘ, කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කි‍්‍රයාකාරිනී කුමුදුනී සැමුවෙල් මහත්මිය පෙන්වා දෙයි.

විසි වන ව්‍යවස්ථා සංශෝධනය සළකා බැලීමේදී සැම දෙනෙකුටම යම්කිසි ආකාරයකින් හානියක් නොවන ලෙස එය සංශෝධනය කර ඇති බව ප‍්‍රකාශ කෙරුණද කාන්තාවන්ගේ අඩු නියෝජනය හෝ අවට නියෝජනය තක්සේරුවට ගෙන නොමැති බවයි ඇය සඳහන් කළාය. පාර්ලිමේන්තුවේ දෙසිය විසි පහක් වන මන්තී‍්‍ර සංඛ්‍යාවෙන් කාන්තාවන් 13 දෙනෙකු පමණක් සිටින බවද කුමුදුනී සැමුවෙල් මහත්මිය පැවසුවාය.කෙසේ වෙතත් නව ක‍්‍රමය යටතේ මන්තී‍්‍ර ආසන සංඛ්‍යාව දෙසිය පනස් පහක් දක්වා වැඩි වනු ඇත.

පළාත් පාලන සහ පළාත් සභාවල සියයට විසි පහක කාන්තා නියෝජනයක් ගෙන එන බවට ජනාධිපතිවරයා ප‍්‍රතිඥාවක් ලබාදුන් බවද ඇය පෙන්වා දුන්නාය. නමුත් වර්තමානයේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය පවතින්නේ 4.8 %කඅවම ප‍්‍රමාණයක් බවත් එය දකුණු ආසියාවේ අඩු ප‍්‍රතිශතයක් පෙන්නුම් කරන බවත් සදහන් කළාය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us