සියලුම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවලට WiFi

Published in පුවත්
Friday, 15 May 2015 15:53

නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දීමේ වයිෆයි කලාප දහසක් දිවයින පුරා ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය යටතේ දිවයිනේ සියලුම විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන සදහා අන්තර්ජාල පහසුකම් ලබා දීම‍ට සූදානමක් පවතී.

නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය, මරදාන ට්‍රිපෝලි වෙළෙද මධ්‍යස්ථානය සහ කොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය සදහා දැනටමත් එම පහසුකම් ලබා දී අවසන් බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA)පවසයි.

ඉදිරි දින කිහිපය තුලදී බේරුවල පට්ටකඩේ මැණික් පොළ සදහාද මෙම පහසුකම් ලබා දීමට නියමිතය.

මෙම වයිෆයි පහසුකම් ලබා දීම මගින් මෙම වෙළෙද මධ්‍යස්ථානයන්හි අලෙවිකරුවන්ට මෙන්ම ගැණුම්කරුවන්ට සිය කටයුතු කාර්යක්‍ෂමව සිදු කර ගැනීමට විශාල රුකුලක් වන බවද නියෝජිතායතනය වැඩිදුර‍ටත් සදහන් කරයි.

මේවන විට දිවයින පුරා ස්ථාපිත කර තිබෙන වයිෆයි කලාප ගණන සියයකි.

එක් පුද්ගලයෙකු සඳහා තත්පරයට කිලෝ බයිට් 512ක වේගයකින් යුතු මසකට මෙගා බයිට් (MB) 100ක ධාරිතාවයකින් යුතු අන්තර්ජාල සබඳතාවක් නොමිලේ ලබාගත හැකිවේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us