මත්තල ණය ගෙවන්න මසකට රු.මිලියන 250ක් ඕනේ.

Published in පුවත්
Saturday, 16 May 2015 07:20

මත්තල දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදිකිරීම සඳහා පසුගිය ආණ්ඩුව ගත් ණය මුදල වෙනුවෙන් මසකට රුපියල් මිලියන 250 ක් ගෙවීමට සිදුව තිබේ.

මත්තල ඉදිරියට ගෙන යාම අභියෝගයක්ව පවතින බවත් මත්තල වන්තොටුපොළ නිසි ක්‍රමවේදයක් අනුව ලාභදායී ගුවන්තොටුපොළක් බවට පත් කරන බව සිවිල් ගුවන් සේවා ඇමැති රොජිනෝල්ඩ් කුරේ මහතා අවධාරණය කරයි .

ගුවන්තොටුපොළ ඉදිකිරීමට ගත් ණය ගෙවීමට තබා ගුවන්තොටුපොළ සේවකයින්ට වැටුප් ගෙවීමට වත් ආදායමක් ගුවන්තොටුපොළින් ලබා ගත නොහැකි බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය .

අද වන විට මත්තල ගුවන්තොටුපොළට දිනකට එන්නේ එක් ගුවන් යානයකි . එය ෆ්ලයි ඩුබායි ආයතනයට අයත් විදේශීය ගුවන්යානයක් වේ .

මත්තල ගුවන්තොටුපොළ නඩත්තු හා අලුත්වැඩියා මධ්‍යස්ථානයක් ලෙස ලොවට හදුන්වාදීමටත් ප්‍රදේශයේ භාණ්ඩ අපනයනය කිරීමට අවශ්‍ය කටයුතු යෙදීමටත් අවධානය යොමුව ඇති බවත් ඒ සඳහා සැළසුම් සකස් කරමින් සිටින බවත් ඇමැතිවරයා කියා සිටියේය .

මත්තල ගුවන්තොටුපොළේ වැඩිපුර සේවකයන් සිටියත් වැඩ නැති බවත් කටුනායක වැඩ ඇතත් සේවකයන් නැති බවත් කී කුරේ මහතා මේ තත්ත්වය හදුනාගෙන මේ ගුවන්තොටුපොළවල් දෙකම දියුණු කිරීමට කටයුතු කරන බවත් දිනමිණ සමඟ අදහස් දක්වමින් කියා සිටියේය.

Last modified on Saturday, 16 May 2015 07:31

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us