ජනපතිටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්‌

Published in පුවත්
Saturday, 16 May 2015 07:49

ත්‍රිකුණාමලය සාම්පූර්හි මහා පරිමාණයේ කර්මාන්ත ව්‍යාපෘතියක්‌ ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා ගේට්‌වේ ඉන්ඩස්‌ට්‍රීස්‌ සමාගම ආයෝජන මණ්‌ඩලයෙන් බදු පදනම යටතේ ලබා ගෙන තිබූ ඉඩම ආපසු රජයට පවරා ගනිමින් ජනාධිපති නිකුත් කළ ගැසට්‌ නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (15 දා) අතුරු තහනම් නියෝගයක්‌ නිකුත් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ එම සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ සලකා බැලීමෙන් අනතුරුවයි.

රෝහිණී මාරසිංහ, බුවනෙක අළුවිහාරේ සහ උපාලි රත්නායක යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි. පෙත්සමේ සඳහන් අන්දමට ඇමරිකානු ඩොලර් බිලියන 4 ක්‌ පමණ වැය කොට ආරම්භ කිරීමට සැලසුම් කළ මෙම සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලය සමඟ එකී සමාගම 2012 වසරේදී ගිවිසුමකට එළඹී ඇත. සියලු කරුණු මැනවින් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව කර්මාන්ත පුරයක්‌ සඳහා එම ව්‍යාපෘතියට අමාත්‍ය මණ්‌ඩලයේ අනුමැතිය දී ඇති අතර ඊට පසුව පාර්ලිමේන්තුව විසින් ද මෙය අනුමත කර ඇත

විදුලිය, පොහොර, සීනි, වාහන නිෂ්පාදනය කිරීම ඇතුළු කර්මාන්ත රාශියක්‌ මෙහි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, ඉන් සෘජු රැකියා 5000 ක්‌ පමණ සැපයෙන අතර, අනියම් ආකාරයෙන් 20,000 කට පමණ ආර්ථික වශයෙන් සෙතක්‌ සැලසෙන බව ද පෙත්සම්කරු කියයි.

ශ්‍රී ලංකාවේ විශාලම කර්මාන්තපුරය සාම්පූර් හි පිහිටුවීම සඳහා හිටපු ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා ආයොජන මණ්‌ඩලයට පැවරූ සාම්පූර් හි පිහිටි ඉඩම් ආපසු රජයට පවරා ගැනීම සඳහා වත්මන් ජනාධිපති ගත් තීරණය හේතු කොට ගෙන තම සමාගමට පමණක්‌ නොව මුළු රටටම විශාල පාඩුවක්‌ සිදුවන බවත් පෙත්සම්කරු පවසයි. මේ වන විට ගේට්‌වේ ඉන්ඩස්‌ට්‍රීස්‌ සමාගම ඒ සඳහා විශාල මුදලක්‌ වැය කර ඇති බවත්, ආයෝජන ගිවිසුම් රාශියකට අත්සන් කර ඇති බවත් වත්මන් ජනාධිපති ගත් නීති විරෝධී පියවර නිසා කිසිම විදේශ ආයෝජකයකු ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට මින් ඉදිරියට ඉදිරිපත් නොවනු ඇති බවත් පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙතරම් විශාල සංවර්ධන කටයුත්තකට අත හිත තබපු තම සමාගම දැනුවත් කරන්නේවත් නැතිව ඉඩම් යළි රජයට පවරා ගැනීම අත්තනෝමතික, අසාධාරණ හිතුවක්‌කාර සහ සාධාරණ යුක්‌තියේ මූලධර්මවලට පටහැනි සහ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් සහතික කොට තිබෙන 12(11), 14 1(ජී) මූලික අයිතීන් උල්ලංඝනය කිරීමක්‌ හැටියට තීන්දු කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා ඇත.

ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන, ජනාධිපති නීතිඥ උදිත ඉහළහේවා, ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, අධිනීතිඥ නවීන් මාරපන, අධිනීතිඥ රංග දයානන්ද යන මහත්වරු පෙත්සම්කාර ගේට්‌වේ ඉන්ඩස්‌ට්‍රීස්‌ සමාගම වෙනුවෙන් පෙනී සිටියහ.

ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලය වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පෙරියපුල්ලේ නීතිපති වෙනුවෙන් පෙනී සිටියේය.

ශේ්‍රෂ්ඨාධිකරණය ඊයේ (15 දා) නිකුත් කළ අතුරු නියෝගයකට අනුව පෙත්සම්කාර සමාගම විසින් බදුÊපදනම යටතේ ආයෝජන මණ්‌ඩලයෙන් ලබාගෙනඇති ත්‍රිකුණාමලයේ සාම්පූර් පිහිටි ඉඩම්වල අයිතියට බාධා කිරීම පෙත්සම් විභාගය අවසන් වන තුරු තහනම් කර ඇත.

divaina

Last modified on Saturday, 16 May 2015 08:04

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us