විල්පත්තුවේ දැන් සිදුවන්නේ යටත් විජිත යුගයෙන් පසු ලොකුම වන විනාශයයි

Published in පුවත්
Saturday, 16 May 2015 08:41

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් පසු ශ්‍රී ලංකාවේ සිදුවූ දැවැන්තම වනාන්තර විනාශය විල්පත්තු උතුරු කල්ලාරු සහ පෙරියමඩු වනාන්තර විනාශය බව පරිසරවේදීහු කියා සිටිති.

ඝන වනාන්තර අක්‌කර 2500 ක්‌ සහ පරිවාර කැලෑ ඉඩම්, හොර ඔප්පුවකින් ලියාගෙන සිදුකරනු ලබන මෙම විනාශය වහා නතර නොකළ හොත් ජාතික වශයෙන් මෙන්ම ගෝලීය වශයෙන් දරුණු පරිසර ව්‍යසනයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද ඔවුහු ප්‍රකාශ කරති.

මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ පරිසර සංරක්‍ෂණ භාරයේ අධ්‍යක්‍ෂ සජීව චාමිකර මහතා කියා සිටියේ රජයේ වනාන්තර, රජයේ අනුදැනුම ඇතිව විනාශයට ලක්‌ කෙරෙන මෙම සිදුවීම් තේ වගාව සඳහා ඉංග්‍රීසීන් විසින් උඩරට වනාන්තර විනාශ කිරීම හා සමාන, ඉන්පසු සිදුවන විශාලතම වන විනාශය බවය.

කල්ලාරු - පෙරියමඩු වනාන්තර විනාශය සියවසේ දැවැන්තම වනාන්තර හානිය වශයෙන් හඳුන්වා දෙන දුම්බර මිතුරෝ පරිසර හා සංස්‌කෘතික සංගමයේ ලේකම් නෙවිල් මීවතුර මහතා කියා සිටින්නේ මෙය ගෝලීය පාරිසරික අපරාධයක්‌ වන බවයි.

ජාත්‍යන්තර පරිසරවේදීන්ගේ සහ සංරක්‍ෂණවේදීන්ගේ අවධානය මෙම වනාන්තර විනාශය කෙරෙහි යොමු විය යුතු බව පරිසරවේදීන්ගේ අදහසයි.

පසුගිය රජය සමයේදී වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් නැවත පදිංචිකිරීමේ කාර්ය සාධක බළකාය මගින් අත්පත් කරගත් වනාන්තර අක්‌කර 2500 ක මෙම දැව හෙළීම සිදුවන අතර මෙහි යෝජිත සිලාවතුර - විල්පත්තු අලි ප්‍රවේශ මාර්ගය ද වේ.

පසුගිය රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් හඳුනාගත් වනජීවී රක්‍ෂිත ගැසට්‌ කිරීම වළක්‌වාලීම මෙම විනාශයට ප්‍රබල හේතුවක්‌ වූ බව ද පරිසරවේදීහු කියා සිටිති.

divaina

Last modified on Saturday, 16 May 2015 08:47

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us