ලංකාව දැන් ආයෝජකයන් ආකර්ෂණය වන රටක් -රවී

Published in පුවත්
Saturday, 16 May 2015 09:59

ශ්‍රී ලංකාව යළිත් ආයෝජකයන් ආකර්ෂණය වන රටක් බවට පත්ව ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘Ease of Doing Business (ව්‍යාපාර කිරීමේ පහසුව) සඳහා වූ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

ශ්‍රී ලංකාව තුළ ඇති වූ නව වෙනස හේතුවෙන් ව්‍යාපාරිකමය වශයෙන් චීනය, ඉන්දියාව, යුරෝපා සංගමය, ජපානය සහ කොරියාව වැනි හිතවත් රටවල් රැසක් යළි මෙරට ආයෝජන අවස්ථා සඳහා පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව අමාත්‍යවරයා පැවසුවේය.

මෙමගින් සිදු වන්නේ ව්‍යපාරිකයන් සහ ඔවුන්ගේ ව්‍යපාරයන්ට අදාළ රාජ්‍ය ආයතන අතර වේදිකාවක් නිර්මාණය කිරීම ය. ව්‍යපාරිකයන් මුහුණ දෙන ගැටලූ පහසුවෙන් විසඳා ගැනීම සඳහා වඩාත් පහසු පරිසරයක් එමගින් නිර්මාණය වන බව අමාත්‍යවරයා පැවසුවේය.

ඒ ඔස්සේ සිය ගැටලූ විසඳා ගැනීමට අවස්ථාව ඔවුන්ට හිමි වන අතර ව්‍යපාර වැඩි දියුණු කර ගැනීමේ අවස්ථාව ද ඔවුන්ට හිමි වෙයි.

සමාරම්භක උත්සවය මිලෝදා හි පැවැති අතර ඊට විවිධ මට්ටමේ ව්‍යාපාරිකයෝ සියයකට අධික පිරිසක් එක්ව සිටියහ. මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා ඇතුළු අමාත්‍යාංශ රැසක ලේකම්වරු මෙන් ම රාජ්‍ය ආයතන 30කට අධික සංඛ්‍යාවක ඉහළ නිලධාරීහු ද ඊට එක් විය.

මෙහි දී ව්‍යාපාරිකයන්ට සිට ගැටලූ ඉදිරිපත් කිරීම සඳහා වන වෙබ් අඩවියක් ජාලගත කිරීම ද සිදු විය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us