ජවිපෙ හිටපු ලේකම්ටත් මෙරට පුරවැසිකම බැහැල්ලූ

Published in පුවත්
Saturday, 16 May 2015 21:13

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ලේකම්වරයකු වූ ලයනල් බෝපගේ මහතා මෙරට ද්විත්ව පුරවැසි භාය ඉල්ලුම් කර ඇතත් ඒ ලබා දෙනෙනේද නොදෙන්නේද යන්න ගැන ආණ්ඩුව දෙගිඩියාවකින් සිටින බව වාර්තවේ.

ලයනල් බෝපගේ මහතා මේවන විට ඕස්ට්‍රේලීයාවේ පදිංචිව සිටින අතර එහි පුරවැසි භාවයටද හිමිකම් කියයි. ද්විත්ව පුරවැසි බාවය සම්බන්ධයෙන් නව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මත ඒ ඔහු ඉල්ලුම් කර මේ වන විට මාස කිහිපයක්ම ඉක්ම ගොස් ඇත. ද්විත්ව පුරවැසි භාය ඉල්ලුම කර ඇති දෙදෙහසකට ආසන්න පිරිසක ගෙන් අවශ්‍ය සුදුසුකම් සැපිරූවන්ගෙන් හාර සියයකට පමණ ඒ ලබා දීමට තීරණය කර ඇතැයිද වාර්තාවේ.

කෙසේ නමුත් බෝපගේ මහතාගේ ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප වූයේ නම් ඒ කවර හේතු මතද යන්නවත් ඔහුට දන්වා නැත. මේ සම්බන්ධයෙන් ජනධිපතිවරයාට, අගමැතිවරයට විදේශ ඈමැතිවරයාට හා මුදල් ඇමැතිවරයාට ද ලිපි යොමු කර ඇතත් කිසිවකුගෙන් යහපත් ප්‍රතිචාරයක් මේවන තුරුත් ලැබී නැතැයි දැන ගැනීමට තිබේ. බෝපගේ මහතා පැවැති රාජපක්ෂ රෙජීමය පෙරලා දැමීම වෙනුවෙන් නිරන්තරයෙන් සහය පළ කළ අයෙකි.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණෙන් බිඳී වෙන්වූ තවත් නායකයකු වූ ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතාටද මෙරට පුරවැසි භාවය ලබා දීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහුව පි‍ටුවහල් කළ යුතු පුද්ගලයකු බවට තීන්දු කර ඇත. ඒ මහතා මේ වන විට මෙරට රහසිගතව ‍රැඳී සිටී. ඔහුද ඕස්ට්‍රේලියානු පුරවැසියකු වේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us