ධීවරයන්ට නව රක්ෂණයක්

Published in පුවත්
Sunday, 17 May 2015 08:02

මුහුදේදී සිදු වන අනතුරු හේතුවෙන් ජිවීතක්ෂයට පත්වන ධීවරයන් සඳහා රුපියල් දසලක්ෂයක නව රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ධීවර අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

මේ රක්ෂණ ක්‍රමය ජාතික රක්ෂණ භාර අරමුදල විසින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.

මේ යෝජනා ක්‍රමය සංකේතාත්මකව ආරම්භ කිරීමට රුපියල් ලක්ෂ පහක්(500,000) ක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය මඟින් ශ්‍රී ලංකා ජාතික රක්ෂණ භාර අරමුදල වෙත ගෙවීමට යෝජනා කර ඇත.

මෙය ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා ඇමැති මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත්කර තිබේ.

ධීවර ක්ෂ්‍රේත්‍රයට අදාළව ක්‍රියාත්මක වන විවිධ රක්ෂණ ක්‍රමයන් මේ වන විට හඳුන්වා දී ඇත. නමුත් මුහුදේදී හදිසි අනතුරු වලට ලක් වන ධීවර ජනතාව උදෙසා වඩාත් ඵලදායී රක්ෂණ ක්‍රමයක් නොවන බැවින් මුහුදේ දී අපදාවට ලක් වන ධීවර ජනතාව හා ඔවුන්ගෙන් යැපෙන්නන් දැඩි ලෙස අසරණ තත්ත්වයකට පත්වන බැවින් මෙවැනි රක්ෂණ ක්‍රමයක අවශ්‍යතාවයය මතුවී ඇත.

මේ තත්ත්වය යම්තාක් දුරට වළක්වා ගැනීම සඳහා විශේෂයෙන් යැපෙන්නන්ගේ සුබසාධනය සඳහා විශේෂ රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වූ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us