යහපාලනයෙන් දෙමළාට ජාතිවාදී ප්‍රහාර

Published in පුවත්
Sunday, 17 May 2015 08:31

යුද්ධය නිසා මිය ගිය ඥාතීන් සැමරීමේ උත්සව උතුරේ දෙමළ ජනතාවට තහනම් කිරීමටත් මෛත්‍රී රනිල් යහපාලන ආණ්ඩුව ක්‍රියාකරමින් තිබීම වත්මන් ආණ්ඩුව ද සිංහල බෞද්ධ වර්ගවාදය සිය පැවැත්ම වෙනුවෙන් යොදා ගැනීමට තීරණය කර ඇති බවට උදාහරණයක් බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙති. කිසිදු තාර්කික සාධාරණ පදනමක් නොමැතිව මෙම මෙම තහනම ක්‍රියාත්මක කර ඇති අතර මෙමඟින් යළි දකුණේ සිංහලයා කෙරෙහි උතුරේ ජනතාවගේ වෛරය ගොඩනැගීමට හේතුවන බව ද ඔවුන් පෙන්වා දෙති.

උතුරේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය විසඳීම කෙරෙහි යහපාලන ආණ්ඩුව මීට වඩා බුද්ධිමත්ව කටයුතු නොකළ හොත් ලබන සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන් ඉදිරිපත් කරන යුධ අපරාධ පිළිබඳ වාර්තාව රට කෙරෙහි අයහපත් ලෙස බලපැවැත්විය හැකි බවත් ඔවුන් පවසා සිටිති.

බීබිසී සංදේශය වාර්තා කරන පරිදි මුලතිව් පොලිස් බල ප්‍රදේශය තුළ යුද සමරු වැඩසටහන් පැවැත්වීමට එරෙහිව අධිකරණ විසින් තහනම් නියෝගයක් පනවා තිබේ.

ඒ අනුව මුලතිවු පොලීසිය ප්‍රකාශ කළේ පොලීසිය අධිකරණයෙන් කරණ ලද ඉල්ලීමක් සැලකිල්ලට ගැනීමෙන් පසුව අධිකරණය විසින් මෙම තීන්දුව දුන් බවයි.

මැයි මස 16 වෙනිදා සිට දින 14 ක කාලයක් මුලතිවු පොලිස් බල ප්‍රදේශය තුළ මහජන සාමයට බාධා එල්ල වන අන්දමේ කිසිදු ආකාරයක එල්.ටී.ටී.සැමරැම් උත්සව පැවැත්වීම මුලතිවු දිසා විනිසුරු එම්.එච්.ඩී.එන්.සම්සුදීන් මහතා විසින් තහනම් කොට තිබේ.

මේ අනුව, මැයි මස 18 වෙනිදා මුලතිවු මුල්ලිවයික්කාල් පළාතේදී දෙමළ ජනතාව විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ පෙළපාලිය සහ එල්.ටී.ටී.ඊ.සමරු උත්සවය පැවැත්වීමට ඉඩක් නැතැයිද මුලතිවු පොලීසිය කියා සිටියේය.

නමුත් උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් පසුගිය 12 වෙනිදා මුලතිවු මුල්ලිවයික්කාල් පළාතේදී යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් ඇතුලු සියලු දෙනා සැමරීමට උත්සවයක් සංවිධාන කොට තිබිණ.

යුද්ධයෙන් මියගිය පිරිස සැමරීමට දෙමළ ජනතාවට සැමරුම් සතියක් 12 වෙනිදා සිට ප්‍රකාශයට පත් කොට ඇති බවද ඔහු මෙහිදී පැවසුවේය.

ඊට අමතරව මැයි මස 18 වෙනිදා මුලු ලෝකයේම දෙමළ ජනතාව යුද්ධයේදී මියගිය පිරිස සමරණ බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

මුලතිවු දිස්ත්‍රික්කයේ එල්.ටී.ටී.ඊ.සැමරුම් අධිකරණ නියෝගය මත තහනම් කොට ඇතත් උතුරු නැගෙනහිර පළාත්වල සෙසු උත්සව සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයකට එළඹී නොමැත.


මේ අතර නැගෙනහිර විශ්වවිද්‍යාලයේ පැවැත්වුන උත්සවයක් අතරවාරයේ සිංහල සිසුන්ගේ පහර දීමකට ලක් වූ චෙංගලඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියකු රෝහල් ගත කිරීමට සිදු වූ බවක් වාර්තා වෙයි.

එම පහර දීමට හේතුව හැටියට දැක්වෙන්නේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරනු ලැබීමයි.

සරසවියේ සංවිධානය කොට තිබුණ උත්සවයක අවසන් දිනය වන අද (16) අද ජාතික ගීය දෙමළ භාෂාවෙන් වාදනය කරන ලද බව පහර දීමට ගොදුරු වූ පත්තුකුට්ට්යි සුමන් නම් නිලධාරියා පවසයි

ප්‍රහාරයට හේතුව හැටියට නිලධාරියා දක්වන්නේ එම කාරණයයි.

චෙංගලඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විද්‍යා හා තාක්ෂණික අංශයේ ප්‍රදර්ශනයක් පසුගිය බ්‍රහස්පතින්දා පටන් නැගෙනහිර විශ්ව විද්‍යාලයේ දින තුනක් තිස්සේ පැවැත්වුන බව වාර්තාවේ.

ඊයේ එම ප්‍රදර්ශනයේ තුන්වැනි දිනය වූ අතර එහිදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් වාදනය කිරීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන් පිරිසක් එරෙහි වීමත් සමගම සිංහල හා දෙමළ සිසුන් අතර විවාදයක් ආරම්භ වූ බව පත්තුකුට්ට්යි සුමන් නම් නිලධාරියා පවසයි.

ඉන් අනතුරුව ජාතික ගීය සිංහල භාෂාවෙන් වාදනය කළ බවත් ඔහු පවසයි.

''එම සිද්ධියෙන් පසුව මමත් චෙංගලඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තවත් නිලධාරීන් තිදෙනෙකුත් පහළට බැහැල එන කොට සිංහල සිසුන් පිරිසක් පිටුපසින් ඇවිත් අපට පහර දුන්නා. අනිත් තුන් දෙනා දිව්වා. මම ශිෂ්‍යයන්ට හසු වුනා''පත්තුකුට්ට්යි සුමන් නිලධාරියා පවසයි.

ප්‍රහාරය සම්බන්ධයෙන් එරාවුර් පොලිසියට පැමිණිලි කර ඇති බව කියා සිටින පත්තුකුට්ට්යි සුමන්, ප්‍රහාරයට හවුල් වූ අයගෙන් එක් අයකු තමාට හඳුනා ගත හැකි බවත් කියා සිටියි.


මෙම සිදුවීමේ ඇති ලොකුම විහිළුව නම් ජනාධිපතිවරයා විසින් දෙමළ භාෂාවෙන් ජාතික ගිය ගැයීමට මීට පෙර පනවා තිබු තහනම ඉවත් කරන බව ප්‍රසිද්ධියේ පැවැසීමෙන් පසුව මෙය සිදුවීමය. මෙම ප්‍රහාරයට වගකිව යුතු කිසිවකුත් පොලීසිය අත් අඩංගුවට ගෙන නොමැත.

Last modified on Sunday, 17 May 2015 08:36

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us