මහින්දව ශ්‍රී ලනීපයට අවශ්‍ය නැති බව ජීවන් කියයි

Published in පුවත්
Monday, 18 May 2015 07:50

මහින්ද රාජපක්ෂ මහතා නොමැතිව ශ්‍රී ල නි ප ය ඉදිරියට යන්න බැහැ කියල කියනවා නම් ඒක ලොකු විහිලුවක් බවත් ශ්‍රී ල නි ප ය ආපු ගමනෙ නායකයන් ඕන තරම් වෙනස් වෙලා තිබෙන බවත් කම්කරු රාජ්‍ය ඇමැති ජීවන් කුමාරතුංග මහතා පැවැසීය.

දේශපාලනඥයන් ජන මතයට ගරු කළ යුතු බවත් පක්ෂය දෙකඩ කිරීමේ පාපයට දායක නොවන ලෙස හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් පසුගියදා මොරටුවේ පැවැති ජන හමුවක් අමතමිණි. රාජපක්ෂ මහතා පරාජයට පත් කිරීම සඳහා ලබාදුන් ජනතා තීන්දුව අනුව රාජපක්ෂ පැත්තකට වී සිටිය යුතු බව ඔහුගේ ප්‍රකාශයේ හරය වේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු රාජ්‍ය ඇමැතිවරයා, රටේ ජනතාවගෙන් බහුතරයක් තීන්දු කළා හිටපු නායකත්වය වෙනස් කරන්න. අප පක්ෂය වෙනුවෙන් යම් යම් කැපවීම් කළත් හිටපු ජනාධිපතිවරයා අපව සාකච්ඡාවලට කැඳවා කීවේ ඕන කෙනකුට යන්න පුළුවන් මේක බාබර් සාප්පුවේ දොර වගේ කියලා. අප කීවේ මේ තරම් අපව අවතක්සේරු කරන්න එපා කියලා. මෙවැනි කාරණා නිසා පාක්ෂිකත්වය කලකිරෙන තත්ත්වයකට පත් වුණා. මම හිටපු ජනාධිපතිතුමාට කියන්නෙ පක්ෂය දෙකඩ කිරීමේ පාපයට දායක වෙන්න එපා කියලා. අපි එතුමාව ප්‍රතික්ෂේප කරල නැහැ. තනතුරුවලට ලොල් වෙන්න එපා කියලත් කියනවා.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us