අඩු වැටුප්වලට ශ‍්‍රමිකයින් යැවීමට සූදානම් නෑ - තලතා අතුකෝරල

Published in පුවත්
Monday, 18 May 2015 13:25

අඩු වැටුප් ලබාදෙන රටවල්වලට විදෙස් ශ්‍රමිකයන් යැවීම සීමා කිරීමට අදහස් කරගෙන සිටින බව විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල පවසයි.

"අපේ රටේ බොහෝ ශ‍්‍රමිකයින් මැද පෙරදිග රටවල්වල ඉතා අඩු වැටුප් ලබමින් දුක්විඳිනවා. ඒ අයට සාධාරණ වැටුපක් ලැබෙන්නේ නෑ. ඉදිරියේදී මෙවැනි ඉතා අඩු වැටුප් ලබා දෙන රටවල්වලට අපේ ශ‍්‍රමිකයින් යැවීමට සූදානම් නෑ” තලතා අතුකෝරළ පවසයි. අමාත්‍යවරිය මේ අදහස් පළ කළේ, පසුගියදා කහවත්ත වැල් අඳුර- බුංහිරිය වංගු මාර්ග ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවයේදීය.

අමාත්‍යවරිය ප්‍රකාශ කළේ " රු.30000 වැනි ඉතා අඩු වැටුපකට මැදපෙරදිගදී අපේ කාන්තාවන් වැඩකරනවා. ඒ අය මේ තැනට පත්වෙලා තියෙන්නේ ආර්ථික අපහසුතා නිසා. ඉදිරියේදී මැදපෙරදිග හා අනෙකුත් රටවල් සමඟින් සාකච්ඡා කරලා ස්ථාවර වැටුප් මට්ටමක් ලබාගැනීම සඳහා කටයුතු කරනවා. "

මීට අමතරව විදේශ ගත ශ්‍රමිකයන්ගේ අයගේ පවුල් නාග සිටුවීමට, විදේශ ගතවීමට පෙර ඉතා හොඳ පුහුණුවක් ලබාදීමට සැලසුම් කර ඇතැයි ඇමතිවරිය පවසයි.

විදේශ රැකියා ඇමතිනිය වැඩිදුරටත් පැවසුවේ "රටට වැඩිම ආදායමක් ගේන අමාත්‍යංශය මට ලැබිලා තියෙනවා. ඒත් මට නම් කාන්තාවන් විදේශ ගත කරලා ලබන ආදායම ගැන සතුටු වෙන්න බෑ. ඉදිරියේදී පිරිමි ශ‍්‍රමිකයින්ට හොඳ විදෙස් රැකියා අවස්ථා ලබාදීමට කටයුතු කරනවා”

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us