යතුරුපැදි ගෙන මුදල් නොගෙවූ මන්ත්‍රීන්ට ලියාපදිංචි කිරීමේ පොත දෙයි

Published in පුවත්
Tuesday, 19 May 2015 09:20

යතුරුපැදි ලබාගෙන රුපියල් 50,000 ක සහනමිල ගෙවීම මග හැර සිටින හිටපු නගර සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට යතුරුපැදි ලියා පදිංචි කිරීමේ සහතික පොත නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ.

පසුගිය ආණ්ඩු සමයේදී එ.ජ.නි.ස. මන්ත්‍රීවරුන්ට මුදල් අයකර ගැනීමකින් තොරව ඉහළින් පැමිණි නියෝග මත පළාත් සභා අමාත්‍යාංශය විසින් යතුරුපැදි ලබාදී ඇති බව බස්‌නාහිර පළාත් සභා නිලධාරියෙක්‌ පැවැසීය.

තම පළාතේ පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයට මුදල් ගෙවා ලදුපත ලබාගෙන වාහන ගෙන්වා බෙදහරින සමාගමට මුදල් ගෙවූ ලදුපත ඉදිරිපත් කර යතුරුපැදි ලියාපදිංචි කිරීමේ පොත ලබා ගන්නා ලෙස නගර සභා, ප්‍රාදේශීය සභා ලේකම්වරුන් මාර්ගයෙන් හිටපු මන්ත්‍රීවරුන්ට රජය දැනුම් දී ඇත.

මේ අතර වාහන ලියාපදිංචි කිරීමේ පොත නොමැති වීම නිසා ඉකුත් 15 වැනිදා සිට මෙම මන්ත්‍රීවරුන්ට මහ මග යතුරු පැදියෙන් ගමන් කිරීමට නොහැකි තත්ත්වයක්‌ උද්ගත වී ඇතැයිද වාර්තා වේ.

ලියාපදිංචි කිරීමේ පොත නොමැතිව යතුරුපැදි සඳහා වාර්ෂික බලපත්‍රය ලබා ගැනීමටත් යතුරුපැදිය රක්‌ෂණ කර ගැනීමටත් මෙම මන්ත්‍රීවරුන් නොහැකි වී ඇත.

සමහර මන්ත්‍රීවරුන් මෙම යතුරුපැදි මහ මග ධාවනය කිරීමට නොහැකි නිසා නිවෙස්‌වල ගාල් කර ඇතැයිද වාර්තා වේ.

දිවයින

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us