ත‍්‍රස්තවාදයට යළි හිස එසවීමට ඉඩක් නෑ-ජනපති

Published in පුවත්
Tuesday, 19 May 2015 09:58

යළිත් යුද්ධයක් ඇති නොවීමේ වගකීම ආණ්ඩුව විසින් භාර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද(19) මාතර නගරයේ සංවිධානය කළ 06 වැනි රණවිරු සැමරුම් පෙළපාලියේ සමාරම්භක උත්සවය අමතමින්ය.

යළිත් යුද්ධයක් ඇති නොවීමේ වගකීම ආණ්ඩුව විසින් භාර ගන්නා බවත්, ත්‍රස්ථවාදයට හෝ ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ සංවිධානයට යළ හිස ඔසවීමට කිසිදු ඉඩක් නොතබන ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. සංවර්ධනය සහ සංහිඳියාව ශක්තිමත් කරන බවත් ත්‍රිවිධ හමුදාව සහ ආරක්ෂක අංශ පිළිබඳ විශ්වාසය තබන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේය.

තිස් වසරකට ආසන්න කාලයක් පැවති යුද්ධය ආරම්භ වීමට හේතුව ඊට පෙර සිටි රජයන් සහ පුද්ගලයින් කටයුතු කළ ආකාරය බවත් ඒ සම්බන්ධයෙන් අධ්‍යනයන කළ යුතුවාක් මෙන්ම පශ්චාත් යුද සමය තුළ ජාතීන් අතර සංහිදියාවක් ඇති කිරීම සඳහා ප්‍රමුඛත්වයක් හිමි නොවූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එසේම පශ්චාත් යුද සමයෙන් පසු අප විසින් කළ යුතුව තිබු කාර්යයන් සිදු නොවු බව තමා විසින් වටහාගෙන ඇති බවත් භෞතික ‍සම්පත් වලට මුල්තැන ලබාදී බිඳුණු ගොඩනැගිලි ඉඳි වුවත් බිඳුණු සිත් ගොඩ නොනැඟුණු බව මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේය.

සංවර්ධනය මෙන්ම සංහිදියාව ද එක සමානව ක්‍රියාත්මක කිරීම නව රජයේ අරමුණ බව ජනාධිපතිවරයා සදහන් කළේය.

ම්ලේච්ඡත්වය තුළ සැබෑ ලෙසම මනුෂ්‍යත්වය ගිලිහීගොස් සත්‍යය වැලලි ගිය අතර ජීවිත දස දහසක් රටට අහිමි වු බවද පැවසුවේය.

ගෙවී ගිය දශක කිහිපය ජාතියේ මහා ‍ඛේදවාචකයක් සිදුවු බවත්, ඒ සියල්ල තුළ ජනතාව සහ ආරක්ෂක අංශ ජීවිත කැප කිරීමෙන් යුද්ධය ජයග්‍රහණය කිරීමට හැකී වු බවත්, මෛත්‍රීපාල සිරිසේන මහතා ‍පෙන්වා දුන්නේය.

රටේ ජනතාවට ලබා දිය යුතු සියලු අවශ්‍යතා නොපිරිහෙළා ඉටුකරන බවත්, අද දිනයෙන් රටට නව පිටුවක් පෙරළීම ආරම්භ කළ යුතු බවත් ජනාධිපතිවරයා පැවසුවේය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us