අයථා වත්කම් සෙවීමට ඇමරිකාවේ සහාය

Published in පුවත්
Tuesday, 19 May 2015 11:52

ශ්‍රී ලංකාව තුළ සහ විදේශ රටවල මූල්‍ය ආයතනයන්හි අයථා ලෙස තැන්පත් කර ඇති වත්කම් සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලට සහාය දැක්වීම සඳහා අැමරිකා එක්සත් ජනපදයේ පරීක්ෂණ කණ්ඩායමක් මෙරටට පැමිණ සිටී.

අැමරිකානු ෆෙඩරල් කාර්යාංශයේ නිලධාරීන් (FBI), එරට ස්වදේශ ආරක්ෂක නිලධාරීන්, අධිකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම ආගමන විගමන නිලධාරීන් කණ්ඩායමක් එසේ පැමිණ ඇත.

එම කණ්ඩායම ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග අයථා වත්කම් ඉපැයීම් සම්බන්ධ පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඇතැම් අය කොල්ලකෑ රාජ්‍ය වත්කම් පිළිබඳ තොරතුරු බොහෝමයක් අමෙරිකාව තුළ තිබිය හැකි බවට එම විමර්ශන කණ්ඩායම් විශ්වාස පළ කරයි.

වත්මන් ආණ්ඩුව, පසුගිය පාලන සමයේ දේශපාලනඥයන් අයථා ලෙස උපයාගත් වත්කම් විදෙස් රටවල ඇති බව ප්‍රකාශ කිරීමත් සමග ඒවා සොයා දීමට අමෙරිකාවේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ශ්‍රී ලංකා ආණ්ඩුවට සහාය ලබා දෙන බවට පොරොන්දු වුණි.

බ්‍රිතාන්‍යය, ඉන්දියාව සහ සීෂෙල්ස් යන රටවල රජයන් ද ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන මෙම පරීක්ෂණ වලට සහාය පළ කර ඇත.

සබැදි පුවත්
ස්විස් ගිණුම් විස්තර එළියට - ශී‍්‍රලාංකිකයින් 40 ක් හඳුනාගැණේ

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us