තාජුඩීන්ගේ මරණය මිනීමැරුමක්

Published in පුවත්
Tuesday, 19 May 2015 11:28

රහස් පොලිසිය රගර් ක්‍රීඩක මොහොමඩ් රෆීක් තාජුඩීන් මරණය මිනීමැරුමක් බව තහවුරු කර තිබේ. පොලිසිය පවසන ආකාරයට තජුඩින්ගේ මරණය සමබන්ධ තොරතුරු සහ ස්වභාවය පදනම් කරගෙන අපරාධ විමර්ශන ඒකකය පැවැත්වූ පරීක්ෂණයෙන් පසු මෙම තීරණයට එළඹ තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ප්‍රකාශ කරන පරිදි මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු අවසන් බැවින් ඉතා ඉක්මනින් පරීක්ෂණ වාර්තා උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මීට පෙර අධිකරණ වෛද්‍ය වාර්තා අනුවද මෙම මරණය අනතුරකින් සිදු වූ මරණයක් නොවන බව තහවුරු කර තිබුණි.

2012 මැයි 17 වැනි දින කොළඹ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල තාප්පයක තජුඩින් ගමන් ගත් කාර් රථය ගැටීමෙන් එම මරණය සිදු වූ බව වාර්තා විය.

පසුව වසර දෙකක පමණ ප්‍රමාදයකින් පසු මෙම මරණය සම්බන්ධයෙන් පළවූ රජයේ රසපරීක්ෂක වාර්තා වලින් අනතුරුව පොලිස්පතිවරයා මෙම මරණයේ පරීක්ෂණ කටයුතු ඉක්මන් කරන ලෙස රහස් පොලිසියට උපදෙස් දී තිබුණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us