හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට එකෝ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා කොළඹ ජාතික රෝහලේ හෘද අංශය වෙත ඇතුළත් කර ඇති බවට රෝහල් ආරංචි මාර්ග පවසයි. රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා හෘද අංශය වෙත යොමු කර ඇති බවත් ඔහු අසාධ්‍ය රෝගයකින් නොපෙළෙන බවත් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සිරිල් ද සිල්වා මහතා පැවැසුවේය.
අඳාළ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව ඒ මහතා නැවත ප්‍රතිකාර ලබා ගත් ස්ථානයටම යොමු කර ඇති බවත් ඔහුගේ රෝග තත්ත්වය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර නොගත යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
බැසිල් රාජපක්ෂ මහතා දැනට සාමාන්‍ය ආකාරයට ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් නිරන්තරයෙන් අවධානයෙන් සිටින බව ද ඔහු කීය.