ටිරාන්ව අත් අඩංගුවට ගැනීමට සූදානමක්

Published in පුවත්
Wednesday, 20 May 2015 07:24

සුනාමි ව්‍යසනයෙන් විපතට පත් උතුරු නැ‍ඟෙනහිර ජනතාවට නිවාස ඉදිකිරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රාඩා ආයතනයට ලබා දුන් රුපියල් මිලියන 124ක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාඩා ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකරන්නේ යැයි පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීහු ඊයේ (19) කොටුව මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්හ.

ඒ සඳහා අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු අනුව වැඩිදුර පරීක්ෂණ පවත්වන්නේ යැයි ද එම නිලධාරීහු දැනුම් දුන්හ.

තරාතිරම නොබලා එකී වංචාවට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගන්නා බව පසුගිය 13 වැනි දාත් විමර්ශන නිලධාරින් අධිකරණයට දැනුම් දුන්නත් මෙතෙක් කිසිම බලගතු අයකු අත්අඩංගුවට ගෙන නොමැති බව එම අවස්ථාවේදී ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

එලෙස කටයුතු කරන විමර්ශන නිලධාරින් රජයේ සේවකයකු වන තම සේවා දායකයා අත්අඩංගුවට ගෙන තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට සැලසුම් කරනවා මිස වෙනත් දෙයක් නොකරන්නේ යැයි ද එම නඩුවේ සිව්වන සැකකාර රාඩා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිවරයා ලෙස කටයුතු කළ සාලිය අමරසූරිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එම වංචාව සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් පස්දෙනාම ලබන මස 1 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (19) නියෝග කළේය.

ගජන් ශාන්ති කුමාර්, ආනන්දි ශාන්ති කුමාර්, කන්දසාමි සෝදිරාජා, සාලිය වික්‍රමසූරිය හා ෆුල්වුඩ් කිරිහරන් සුදන් එලෙස රක්ෂිත බන්ධනාගාර ගතකළ සැකකරුවෝ වෙති. එම සැකකරුවන් අතරින් පළමු දෙවන, තෙවන හා සිව්වන සැකකරුවන් පෙර අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබූ අතර පස්වන සැකකාර කිරිහරන් සුදන් නමැත්තා නව සැකකරුවකු ලෙස විමර්ශන නිලධාරීන් ඊයේ අධිකරණයට ඉදිරිපත් කොට තිබුණි. පළමුවන සැකකාර ගජන් ශාන්ති කුමාර් නමැත්තාගේ මිතුරකු යැයි කියන පස්වන සැකකරු එම වංචාවෙන් ලබාගත් රුපියල් මිලියන 10 ක චෙක්පතක් අලුත්කඩේ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක සිය පියා නමින් පවත්වාගෙන යන ගිණුමක තැන්පත් කොට මුදල් ලබාගෙන එම මුදල් එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ප්‍රධාන පෙළේ බුද්ධි අංශ නායකයකු වන එමිර්කාන් නමැත්තාට ලබා දී ඇති බවට තොරතුරු ලබා දී ඇතැයි ද විමර්ශන නිලධාරීහු එහිදී අධිකරණයට පෙන්වා දුන්හ.

එබැවින් එම ගිණුම් හිමියා නමින් එම බැංකුවේ පවත්වාගෙන යන සියලුම ගිණුම් පිළිබඳ වැඩිදුරටත් පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පෙන්වා දෙමින් විමර්ශන නිලධාරීන් කළ ඉල්ලීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා ඒවා පරීක්ෂා කිරීමට අවසර දෙන ලෙසට එම බැංකුවේ කළමනාකරුට නියෝගයක් නිකුත් කළේය.

dinamina

Last modified on Wednesday, 20 May 2015 07:45

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us