ශ්‍රී ලංකා සාගරය සමුද්‍ර දුෂණයෙන් රැක ගැනීමට මෘදුකාංගයක්

Published in පුවත්
Wednesday, 20 May 2015 11:28

ශ්‍රී ලංකාවට සේන්දු වන නෞකා මගින් මෙරට සාගර කලාපය දුෂණය වීම වැළැක්වීම සදහා සහාය කර ගත හැකි මෘදුකාංගයක් හදුන්වාදීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) සහ සමුද්‍රීය පරිසර ආ‍රක්‍ෂණ අධිකාරිය ඒකාබද්ධව මෙම මෘදුකාංගය සකස් කර ඇත.

ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත නෞකාවන් පිලිබදව කලින් තොරතුරු දැනගනිමින් එම නෞකා වල තිබෙන අපද්‍රව්‍යය ඉවත් කිරීමට අදාළ කටයුතු වඩාත් විධිමත් සහ කාර්යක්‍ෂම ලෙස සිදු කිරීමට මෙම මෘදුකාංගය මගින් හැකිවන බව නියෝජිතායතනයේ ඉ-සේ‍වා ව්‍යාපෘති ප්‍රධානී කාංචන තුඩුගල මහතා පවසයි.

තවද නෞකාවන්හි සමබරතාවය ආරක්‍ෂාකර ගැනීම සදහා ගබඩාකර තැබෙන ජලය ඉවත් කිරීම සහ නැවත පුරවා ගැනීමේ කටයුතු වෙනුවෙන්ද මෙම මෘදුකාංගය උදව් කර ගත හැකි බවද තුඩුගල මහතා සදහන්කරයි.

වසරකට ශ්‍රීලංකාවට නෞකා පන්දහසක් පමණ පැමිණෙන බවත් ‍එයින් දහසක් පමණ නෞකා මෙරටදී අපද්‍රව්‍යය බැහැර කරන බවත් එම ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් විසිදහසක් පමණ වන බවත් සමුද්‍රීය පරිසර ආ‍රක්‍ෂණ අධිකාරිය පවසයි.

මෙම හදුන්වා දෙන මෘදුකංගය නිසා ඉතා නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ මෙම සමුද්‍රීය අපද්‍රව්‍යය බැහැර කිරීමට හැකි වන බවත් එය මෙරට සමුද්‍ර කලාපය සමුද්‍ර දුෂණයෙන් රැක ගැනීමට මහගු රුකුලක් වන බවත් අධිකාරිය වැඩිදුරටත් සදහන් කරයි.

ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපයට නාවික සැතපුම් දෙසීයක් පමණ අයත්වේ.

ඉදිරි සති කිහිපය තුලදී මෙම මෘදුකාංගය මගින් සේවා ලබා ගැනීමට හැකි බව නියෝජිතායතනය පවසයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us