අධිවේග මාර්ගයේ පෞද්ගලික බස් වර්ජනයක්

Published in පුවත්
Thursday, 21 May 2015 12:42

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බලපත්‍ර නොමැතිව බස් රථ ධාවනයට එක්කිරීමට එරෙහිව පෞද්ගලික බස් රථ සේවකයන් පිරිසක් වර්ජනයක් ආරම්භ කර තිබේ.

ගැටලුවට විසදුම් ඉල්ලා බස් රථ සේවකයින් 06 දෙනෙකු මේ වන විට තංගල්ල නගරයේ බස් නැවතුම්පළේ වහලය මත නැඟ විරෝධතාවයේ නිරත වන බව වාර්තා වේ.

හම්බන්තොට, කතරගම, ඇඹිලිපිටිය, වලස්මුල්ල, මිද්දෙණිය, වීරකැටිය යන ප්‍රදේශවල සිට කොළඹ බලා ධාවනය කරන සාමාන්‍ය සේවා බස් රථ ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට මෙම වර්ජනය ආරම්භ කර තිබුණි.

ඊට සහය පළ කරමින් අද පෙරවරුවේ තංගල්ල නගරයෙන් ධාවනය වන සියලූම පෞද්ගලික බස් රථද ධාවන කටයුතු වලින් ඉවත්ව තිබේ.

වර්ජනයේ නිරත බස් රථ සේවකයන් පවසන්නේ බලපත්‍ර නොමැතිව අධිවේගී මාර්ගයේ ධාවනයට එක්කර ඇති අදාළ බස් රථ තම ප්‍රදේශවලින් ගමන්ආරම්භ කිරීම හේතුවෙන් තමන්ට අසාධාරණයක් සිදුවන බවයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us