හෙළ උරුමය නින්දිත ලෙස ජාතිවාදය වපුරන්න පටන් ගනී

Published in පුවත්
Thursday, 21 May 2015 12:13

විද්‍යා දැරිය වෙනුවෙන් කළ උද්ඝෝෂණයේදී සිදුවූ කලහකාරී සිදුවීම් දඩමීමාකරගෙන ජාතික හෙළ උරුමය සිංහල බෞද්ධ වර්ගවාදය පැතිරවීම යළි ආරම්බ කර තිබේ. යාපනයේ ජිවත්වන සිංහල ජනතාවට තර්ජනය කරමින් එම ප‍්‍රදේශවලින් ඉවත්වන ලෙසට බලපෑම් කරමින් ඇති බව සඳහන් කරමින් නිකුත් කර ඇති නිවේදය මැතිවරණය ආසන්න වීම හේතුවෙන් සිංහල බෞද්ධ ජාතිවාදීන්ගේ ඡන්ද ගොඩ තමන් වෙත නැඹුරු කර ගැනීමට ගන්නා උත්සාහයක් ලෙස පැහැදිලිව හඳුනා ගත හැක.

එම නිවේදනයේ සඳහන් ලෙස සිංහල ජනයාට එම ප්‍රදේශවලින් පිටවන ලෙස කිසිවකු හෝ තර්ජනයක් කර තිබේ නම් ඒ නිතියෙන් විසඳාගත යුතු කරුණක් විනා දකුණේ සිංහල වර්ගවාදීන් අවුළුවාලීම අරමුණු කොටගෙන මෙලෙස ජාතිවාදය අවුසන සුළු නිවේදන නිකුත් කිරීම හෙළ උරුමයේ කලකණ්නි දේශපාලන වුවමනාව ප්‍රකට වීමකි.

එම පක්‍ෂය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

පාසල් දැරිවියගේ ඝතානයට මුවා වී ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකිරීමට ඉඩ නොදෙනු නීතිය කි‍්‍රයාත්මක කරනු

යාපනයේ කයිට් දුපතේ පාසල් දැරිවිය දුෂණය කොට මරාදැමීමේ සිද්ධියට මුවාවී නිතිය අතට ගැනීමට උත්සාහ දරන ප‍්‍රචණ්ඩකාරී පිරිස් වලට එරෙහිව වහා නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස පොලීසියෙන් හා ආරක්ෂක අංශවලින් අප ඉල්ලා සිටිමු. මක්නිසාද මෙම සිද්ධියට මුවාවී කඩවල් වසාදමමින් හර්තාල් දියත් කරමින් කඵ කොඩි ඔසවමින් පාරවල් අවහිර කරමින් කරගෙන යනු ලබන විරෝධතා ව්‍යාපාරයට වෙනත් හස්තයක් කි‍්‍රයාත්මක වන බව පැහැදිව නිරික්ෂණය කළ හැකිව ඇත.

එම විරෝධතා දක්වන පිරිස් යාපනයේ ජිවත්වන සිංහල ජනතාවට තර්ජනය කරමින් එම ප‍්‍රදේශවලින් ඉවත්වන ලෙසට බලපෑම් කරමින් ඇත. මෙම සිද්ධියට මුවාවී ජාතිවාදී බෙදුම්වාදී ත‍්‍රස්තවාදී කණ්ඩායම් හිස එසවීමට උත්සාහ දරන බවක්ද පෙනීයයි. එමෙන් ම හිංසාවාදී කි‍්‍රයාවන්ට ද එළඹෙමින් ඇත. පාසල් දැරියට සිදුවී ඇති අපරාධය සම්බන්ධයෙන් නීතිය කි‍්‍රයාත්මක කර අපරාධකරුවන්ට දඩුවම් කළ යුතුව ඇත.

එහෙත් එයට මුවාවී නීතිය අතට ගැනීමට කිසිවෙකුටත් කිසි ලෙසකවත් ඉඩදිය යුතු නැත. එම නිසා වහාම හර්තාල් ව්‍යාපාර පිටුපස සිටිමින් ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවන්ට හා හිංසනකාරී කි‍්‍රයාවන්ට පෙළඹෙන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කර උතුරේ ජන ජිවිතය බිඳ දැමීමට ජාතිවාදී බෙදුම්වාදී කණ්ඩායම් වලට ඉඩනොදිය යුතු බව අවධාරණය කරන අතර මේ පිළිබඳව වහාම රජයේත් ආරක්ෂක අංශත් නොපැකිලිව පියවර ගැනීමට කටයුතු කරන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.

නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ
මාධ්‍ය ලේකම්
ජාතික හෙළ උරුමය

Last modified on Thursday, 21 May 2015 12:21

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us