වැලිකඩ සංහාරයේ වගකිව යුත්තන්ට ළඟදිම බැට

Published in පුවත්
Monday, 25 May 2015 09:15

වැලිකඩ බන්ධනාගාරයට හමුදා අනුකණ්ඩායම් ඇතුළත් වී එහි සිටි සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීම සහ තුවාල සිදුකිරීම පිළිබඳව සොයාබැලීමට පත්කළ ස්වාධීන කමිටුවේ පරීක්ෂණ අවසන් බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

අදාළ පරීක්ෂණ වාර්තා ලැබුණු පසු වගකිව යුත්තන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවත ද අමාත්‍යවරයා සඳහන් කළේය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අලුතින් බඳවාගත් නියාමකයන් 500 දෙනෙකුට පත්වීම ලිපි ප්‍රදානය කිරීම සඳහා අරලියගහ මන්දිරයේදී ඊයේ (24 දා) පැවැති උත්සවය අමතමින් හෙතෙම මේ බව පැවසීය.

2011 වසරේ දී සිදුවූ මෙම සිද්ධිය නිසා රට ජාත්‍යන්තරය ඉදිරියේදී කළු පැල්ලමක් එකතු කරගත් බව ඔහු එහිදී පැවසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජිනීවාහිදී අනුමත කරගත් මානව හිමිකම් කඩවීම පිළිබඳ යෝජනාව තුළ ප්‍රධානම බරපතළ චෝදනාව වී තිබෙන්නේ මෙම සිදුවීම බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හහතා , නියොජ්‍ය පොලිස්පත් අනුර සේනානායක හා ඇතුළු පොලීසියේ ඉහළ නිළධාරීන් කිහිප දෙනෙකුට චෝදනා එල්ල වී තිබිණි.

 

Last modified on Monday, 25 May 2015 10:09

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us