ගෝල්ඩන් කී තැන්පත්කරුවන් යලිත් අර්බුදයක

Published in පුවත්
Monday, 25 May 2015 10:11

වසා දැමුණු ගෝල්ඩන් කී සමාගමේ තැන්පත්කරුවන්ට වන්දි ගෙවීමේ ක්‍රමවේදය යළිත් වතාවක්‌ අර්බුදයට ලක්‌ව තිබේ.

ඊට අදාළ නඩුව ඉවත්කර ගතහොත් ඔවුන්ගේ තැන්පතු ආපසු ගෙවන බවට වාචිකව පොරොන්දු වී අදාළ තැන්පතුවලින් සියයට 41 ක්‌ මුදලින් හා සෙසු මුදලට සමාගම් කොටස්‌ ලෙස ලබාදීමට යාම නිසා මේ අර්බුදය ඇතිවී තිබේ.

නව ක්‍රමවේදයට ඇතැම් තැන්පතුකරුවන් කැමැත්ත පළකර ඇතත් තැන්පත්කරුවන් බහුතරයක්‌ විරුද්ධවී තිබේ.

ගෝල්ඩන් කී සමාගමේ තැන්පත්කරුවන් 9150 දෙනකු රුපියල් මිලියන විසිහය දහසක්‌ තැන්පත්කර ඇති අතර මේ වන විට තැන්පතුකරුවන් 30 දෙනකු සියදිවි හානි කරගෙන තිබේ.

පසුගියදා මේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැඳවුණු අවස්‌ථාවේ අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා සඳහන් කළේ නඩුව ඉල්ලා අස්‌කර ගන්නට නම් අදාළ තැන්පත්කරුවන්ට මුදල් ගෙවන නිසි ක්‍රමවේදයක්‌ ශේ්‍රෂ්ඨාධිකරණයට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කළ යුතු බවයි.

(divaina)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us