බැසිල්ගේ පෙත්සම විභාගයෙන් විනිසුරු ඊවා වනසුන්දර ඉවතට

Published in පුවත්
Tuesday, 26 May 2015 11:48

මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත්කර සිටින තමන් නිදහස් කරන්නැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාල ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරු මඩුල්ලෙන් ඊවා වනසුන්දර මහත්මිය ඉවත් වී ඇතැයි වාර්තාවේ.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම හෙට දිනයේ (27දා) සිදුකිරීමට නියමිතව අැත.

දෛනික කාලසටහන අනුව මැයි මස (27දා)ට නියමිත විනිසුරු මඬුල්ල ලෙසට අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, විනිසුරු ඊවා වනසුන්දර සහ විනිසුරු රෝහිණී මාරසිංහ යන විනිසුරුවරුන් හමුවේ හිටපු අමාත්‍යවරයා ගොනුකර තිබූ පෙත්සම කැඳවීමට නියමිතය.

එහෙත් එම පෙත්සම කැඳවන අවස්ථාවේ විනිසුරු මඬුල්ලෙන් ඉවත්ව සිටීමට විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය තීරණය කොට ඇති අතර, ඒ වෙනුවට විනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා මේ වනවිට නම් කොට ඇත.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය නිහාල් ජයතිලක, දිවිනැගුම අරමුදලේ අධ්‍යක්ෂක ජෙනරාල් කිත්සිරි රණවක සහ දිවිනැගුම කලාපීය අධ්‍යක්ෂ බන්ධුල තිලකසිරි යන අය ගොනුකළ පෙත්සම්ද මෙදිනම කැඳවීමට නියමිතය.

එම පෙත්සම් අගවිනිසුරු කේ. ශ්‍රී පවන්, විනිසුරු ඊවා වනසුන්ද සහ විනිසුරු රෝහිණී මාරසිංහ යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවීමට නියමිතය.

පසුගිය දිනක පුරවැසි බලය සංවිධානය විසින්ද පැවසුවේ ඊවා වනසුන්ද හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ළගම හිතමිතුරියක් බවත් අැයට එම තනතුර ලැබුනේ ඒ හිතවත්කම හේතුවෙන් බවයි. මේ නිසා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළ අතුරු තහනම් නියෝගය ලබා දීමේ විනිසුරු මඩුල්ලේ කටයුතු කිරීමට ඊවා වනසුන්දට සදාචාරාත්මක අයිතියක් නැති බවට විවේචන එල්ලවූයේය.

සබැදි පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවනි,19ට හිස නමන්න-පුරවැසි බලය(AUDIO)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us