ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවනි,19ට හිස නමන්න-පුරවැසි බලය(audio)

Published in පුවත්
Wednesday, 20 May 2015 14:16

18 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම හරහා තනි පුද්ගලයෙකු තම අභිමතය මත කටයුතු කිරීමට තිබූ බලය 19 සම්මතවීම මගින් බරපතල ලෙස සීමාවූ බවත් දැන් නව ප‍්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් සදහා අවස්ථාව උදාවී අැති බව පුරවැසි බලය සංවිධානයේ සම කැදවුම්කරු ජනරංජන මහතා ඉල්ලා සිටියේය. 19ට අදාළව ස්වාධින කොමිෂන් සභා සහ ප‍්‍රධාන තනතුරු යළි පත්කළ යුතු බව ඔහු පවසයි. පුරවැසි බලය සංවිධානය විසින් අද (20) පැවැත්වූ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.


19 වන ආණුඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කතානායකවරයා අත්සන් තැබීම සමග එය රටේ මූලික නීතිය බවට පත්වූ බවත් ඒ අනුව කටයුතු සිදුවිය යුතු බවත් ඔහු පැවසුවේය.

පසුගිය ආණ්ඩුව යටතේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 18 වන ආණුඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් තම බලය අයුතු ලෙස භාවිතා කරමින් රටේ යහපැවැත්ම සදහා ස්වාධීනව පැවතිය යුතු ආයතන වලට තම හිතමිතුරන් පත්කර ගත් බව පැවසුවේය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළ අතුරු තහනම් නියෝගය පිළිබදවද ඔහු මෙහිදී අදහස් දැක්වූයේය. එම අතුරු නියෝගය ලබාදීමේදී කටයුතු කල විනිසුරන් තිදෙනා ගෙන් එක් අයෙක් එනම් බුවනෙක අලුවිහාරේ මහතා තම පෞද්ගලික හේතුවක් මත එම කමිටුවේ කටයුතු කළ නොහැකි බව පවසා ඉවත්වූ බවත් ඉතිරි දෙදෙනා ගෙන් ඊවා වනසුන්දර මහත්මිය රාජපක්ෂ ජනාධිපතිවරයා තම පෞද්ගලික හිතමිතුරුකමක් මත පත් කළ තැනැත්තියක් බවත් පැවසුවේය.දේශය පුවත්පතේ පළවී ඇති ලිපියක් උපුටා දක්වමින් ඔහු ඒ පිළිබද කරුණු තහවුරු කර දැක්වූයේය.

මෙවැනි පසුබිමක හිටපු ජනාධිපතිගේ එක කුස උපන් සොහොයුරාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට ඊවා වනසුන්දර මහත්මියට ඇති සදාචාරාත්මක අයිතිය පිළිබද ප‍්‍රශ්නයක් මතුවන බවත් ඔහු පැවසුවේය.

මේ නිසා පුරවැසි බලය සංවිධානය ලෙස 19 යටතේ නැවත පත්වීම් වලට ඉඩදී ස්වාධින අධිකරණයක් ඇතිකර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවට ඒක් වෙමින් පුරවැසි බලය සම කැදවුම්කරු ධර්මසිරි බණ්ඩාරණායක,ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් ,ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ උපුල් කුමරප්පෙරුම යන අයද මෙහිදී අදහස් දැක්වූහ.

සම්පූර්ණ හඩ පටයට පහතින් සවන් දෙන්න

{soundcloud}https://soundcloud.com/lankadaily/purawasi-balaya-2015-05-20{/soundcloud}

DNP 4870

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us