මහ බැංකු,ලංකා බැංකු නිලධාරීන් කෝප් කමිටුවට

Published in පුවත්
Wednesday, 27 May 2015 09:45

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේදී ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මහ බැංකුවේ සහ ලංකා බැංකුවේ නිලධාරීන්ගෙන් ලබන 29 වැනි සිකුරාදා ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතය.

බැඳුම්කර නිකුත් කිරීමේදී ඇති වූ ගැටලුකාරී තත්ත්වය පිළිබඳව භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතාගෙන් ඊයේ (26දා) ප්‍රකාශ සටහන් කරගත් බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතා සඳහන් කළේය.

බැඳුම්කර නිකුත් කිරීමේදී යම් අක්‍රමිකතාවක් සිදු වී තිබේද යන්න සොයාබැලීමට කෝප් සභාව යටතේ කමිටුවක් පත්කර තිබේ.

මෙම කමිටුවට 13 දෙනෙකු ඇතුළත් වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතා එහි සභාපතිත්වය දරයි. ඉතිරි සාමාජිකයන් සියලු දෙනාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතර, අදාළ සිදුවීම මූල්‍ය ගනුදෙනුවක් නිසා මහා භාණ්ඩාගාරයේ විශ්‍රාමික නිලධාරියෙකු හරහා මෙම කමිටුව ඊට අදාළ දැනුම ලබාගෙන ඇත.

මෙම කමිටුව ඉදිරියට මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාද කැඳවීමට නියමිත අතර, ඊයේ (26) සිට සති දෙකක් ඇතුළත මෙම කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ලබාදීමට කටයුතු කරන බව ඩිව් ගුණසේකර සඳහන් කළේය.

සබැදි පුවත්

රාජපක්ෂලා බිලියන 2,700ක් හිතවතුන්ට බෙදලා-රනිල්(AUDIO)

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us