ශිරන්තිට FCID වෙත කැඳවීමක්

Published in පුවත්
Wednesday, 27 May 2015 09:53
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ භාර්යාව වන ශිරන්ති රාජපක්‍ෂ ලබන මස 01 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා ඇතැයි ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසා තිබේ.
 
 ඒ සඳහා වු දැනුම්දීම තංගල්ල පොලිසියේ නිලධාරීන් පැමිණ ඊයේ (26) භාරදුන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර ඇත. 
 
යහපාලන ආණ්ඩුව දේශපාලන පලිගැනීමක් සිදුකරන බවද සිය මැණියන් වන ශිරන්ති රාජපක්‍ෂ  පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවීම එහි තවත් අවස්ථාවක් බවද නාමල් රාජපක්‍ෂ මහතාගේ ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබේ.  
 
 හිටපු ජනපති බිරිඳට මූල්‍යය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින මෙන් දන්වා ඇත්තේ කුමන කරුණක් මත දැයි යන්න නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නිකුත් කළ පණිවුඩයේ සඳහන් කර නොමැත.
 
‘සිරිලිය’ ගිණුමේ සිදු වී ඇතැයි පැවසෙන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂට එරෙහිව මීට පෙර චෝදනා එල්ල විය. 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us