EPF සාමාජිකයන්ට අද සිට වරප්‍රසාදයක්

Published in පුවත්
Wednesday, 27 May 2015 14:23

සේවක අර්ථ සාධක අරමුදලේ සිය ශේෂයෙන් 30%ක් වයස අවුරුදු 55 සම්පූර්ණවීමට පෙර ලබා ගැනීමේ පහසුකම එම අරමුදලේ සාමාජිකයින්ට අද සිට උදාවේ.

මෙතෙක් පැවති රෙගුලාසීවලට අනුව විවාහයක දී කාන්තාවකට හැර වෙනත් පුද්ගලයෙකුට සේවක අර්ථ සාධක අරමුදලෙන් මුදල් ලබා ගැනීමට හැකිවුයේ වයස අවුරුදු 55 සම්පූර්ණ වු විටය. අද සිට ලැබෙන පහසුකම නිසා එම තත්ත්වය වෙනස් වන බව කම්කරු අමාත්‍ය එස්.බී නාවින්න මහතා පැවසුවේය.

අදාල පහසුකම ලබා දෙන්නේ නිශ්චිත අරමුණු සඳහාය.

මෙම පහසුකම ලබා ගැනීම සඳහා කිසියම් පුද්ගලයෙකු සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා කිහිපයක් ද වේ. සේවක අර්ථ සාධක අරමුදල සඳහා අවම වශයෙන් වසර 10ක් සාමාජික මුදල් ගෙවා තිබීම ඒවායින් පළමු අවශ්‍යතාවවේ. එහි සිය ගිණුමේ ශේෂය රුපියල් ලක්‍ෂ 03ක් හෝ ඊට වැඩියෙන් පැවතීම තවත් අවශ්‍යතාවකි.

අදාල මුදල ලබාදෙන්නේ ණයක් ලෙස නොවන අතර ලබාදෙන මුදල ගිණුමේ ශේෂයෙන් අඩුවේ.

Last modified on Wednesday, 27 May 2015 15:12

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us